July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රාජ්‍ය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 වංචාව ගැන කියන්න ජනාධිපති පාර්ලිමේන්තුවට…!

1 min read

විදේශීය ණය ගෙවීමකදී මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථාන ගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් මේ බව ලිඛිතව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙත දැනුම් දී තිබේ. මෙම මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාට අද (30) දිනයේ දී මුදල් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දන්වා තිබුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x