April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගාස්තු සංශෝධනයක් ඉල්ලා පෞද්ගලික බස් වර්ජනයකට සූදානමක්!

1 min read

බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව (NTC) අද (22) පස්වරු 5.00 ට පෙර ස්ථිර තීරණයක් ලබා නොදුන්නහොත්, පස්වරු 6.00 සිට සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කර ගන්නා බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් අනතුරු අඟවනවා.

මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම සහ පවතින ආර්ථික තත්ත්වය සලකා ගාස්තු සංශෝධනයක් අත්‍යවශ්‍ය බව බස් හිමියන් අවධාරණය කරනවා.

ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවෙන් පසුව සිය අවසන් තීරණය ක්‍රියාත්මක කරන බවයි ඔවුන් පවසන්නේ.

යම් හෙයකින් මෙම වර්ජන ක්‍රියාත්මක වුවහොත් මගීන් දැඩි අපහසුතාවයකට පත්වනු ඇති.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x