January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වෙනිසියුලාවේ නව අන්තර්කාලීන ජනපති ලෙස ඩෙල්සි රොඩ්රිගස් දිවුරුම් දෙයි!

1 min read

නිකොලස් මදුරෝ ඇමරිකානු හමුදා විසින් අත්අඩංගුවට ගැනීමත් සමග වෙනිසියුලාවේ පත්වන නව අන්තර්කාලීන රජයේ ජනාධිපතිවරිය ලෙස ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodríguez) එරට පාර්ලිමේන්තුවේදී අද දිවුරුම් දුන්නා

56 හැවිරිදි රොඩ්රිගස් 2018 වසරේ සිට වෙනිසියුලාවේ උප ජනාධිපතිවරිය ලෙස කටයුතු කරමින් සිටියා.

ඇය දිවුරුම්දීම සිදුකළේ ජාතික ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා මෙන්ම ඇයගේ සහෝදරයා ද වන ජෝර්ජ් රොඩ්‍රිගස් ඉදිරියේ වීම විශේෂත්වයක්.

මෙම දිවුරුම්දීමේ නීත්‍යනුකූල භාවය අධීක්ෂණය කරනු ලැබුවේ නිකලොස් මදුරෝගේ පුත්‍රයා වන නිකලොස් මදුරෝ ගුරේරා විසින්.

මෙම අවස්ථාවේදී පසුගිය වසරේ මැයි මාසයේදී මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 283 දෙනෙකු ද දිවුරුම් දුන්නා

පසුගිය සෙනසුරාදා ඇමරිකානු විශේෂ බලකාය විසින් ජනපති මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් (Cilia Flores) අත්අඩංගුවට ගැනීම ඇය හඳුන්වා දුන්නේ “පැහැර ගැනීමක්” ලෙසයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x