November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ඉක්වදෝරය එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ

1 min read

ඇමරිකානු ගැති පාලකයෙක් බලයට ගෙනාවත්, ඉක්වදෝර් ජනතාව ඉතා ගෞරවනීය තීන්දුවක් පසු ගිය ඉරිදා ගත්තා. මේ තීන්දුව අපිටත් වැදගත්. ජනතාවට හොරෙන් අපේ ජනාධිපතිත් ඇමෙරිකාවත් එක්ක ආරක්ෂක ගිවිසුමක් ගැහුවේ14 වැනිදා. ඒ වගේම ගිවිසුමක් 16වැනි ඉරිදා ඉක්වදෝර ජනතාව පරාජය කළා. පුදුමය කියන්නෙ මීට අවුරුද්දකට ටිකක් වැඩි කාලයකට කලින් බලයට ගෙනාපු තමන්ගෙ තරුණ නායකයාගේ යෝජනාවක්ම පරාජය කරපු එක.මේ තීන්දුව මෙරිකාවට වැදුණු තද බල කණේ පාරක් කියලත් කියන්න පුළුවන්.

ට්‍රම්ප් හිතවාදී ඩැනියෙල් නොබෝටා 2023 නොවැම්බර් මාසයේදී බලයට ආවා. තිස් හත් හැවිරිදි ඩැනියෙල් කෝටිපති ව්‍යාපාරිකයෙක්ගෙ පුතෙක්. ඔහු බලයට ආවේ ඉක්වදෝරය පුරා වසංගතයක් වගේ පැතිරිලා තියෙන මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්දනය කිරීමට පොරොන්දු දෙමින්.අනුර වගේ සමාජ සුබ සාධනය ගැනත් කතා කළා. ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්දනය කරන්න නම් ඇමෙරිකන් හමුදාවේ උදව් ඕනි කියලත් ඔහු කිව්වා.

පාතාලය මර්දනය කරනවා කියල ඩැනියෙල් කිව්වත් ඔහුගේ කෙටි පාලන කාලය තුළදී මනුෂ්‍ය ඝාතන වැඩි වුණා. හරියට අපේ වගේ. ඇත්තටම ඒක සැලැස්මක්. ඔහුට ඕනෑකම තිබුණේ ඇමරිකන් හමුදා කඳුවරු ඉක්වරදෝරයට අරගෙන එන්න. මොකද ඔහු මුල ඉදළම කිව්වා පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කරන්න නම් ඇමරිකන්
හමුදාවේ උදව් ඕනි කියල. ඉතින් එහෙමනම් පාතාල ක්‍රියාකාරකමක් වැඩි වෙන්න ඉඩ දෙන්න ඕනිනෙ….

ජනප්‍රිය පුවත්  මොළය සහ ලිංගය

මේ සැලැස්මට අනුව ඩැනියෙල් වැඩ කරගෙන යන ගමන් ඇමරිකාවත් එක්ක ආරක්ෂක ගිවිසුම් තුනක් අත්සන් කළා. නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්න නම් එහෙ ව්‍යවස්ථාව හැටියට ජනමත විචාරණයකට යන්න ඕනි. ඒ ජනමත විචාරණය තමයි පහුගිය ඉරිදා තිබ්බෙ. මේකට සීයට අනූවකට වැඩි ජනතාවක් ඡන්දෙ දාල තියෙනවා. එයින්
සීයකට හැටකට (60%) වැඩි පිරිසක් කියල තියෙන්නෙ ඇමරිකන් හමුදාව එපා කියලයි. ඒ නිසා ඩැනියෙල් සහ ට්‍රම්ප්ගේ බලාපොරොත්තු සුනේ සුන් වුණා. මේ ඡන්දය වෙනුවෙන් ඩැනියෙල් සහ ඇමරිකන් මාධ්‍ය සෑහෙන වැඩ
කොටසක් කළා. ඡන්දෙට කලින් දවසෙත් ඔවුන් කිව්වෙ තුනෙන් දෙකකින් දිනනවා කියලයි.

ඒ නිසා මේ ඡන්දය ගැන ලෝකයේම ඇස් යොමු වෙලා තිබුණා. මෙම ජනමත විචාරණය පැවැත්වූණේ, ලොව විශාලතම යුද නෞකාව සහ බෝම්බ හෙලන ගුවන් යානා ඇතුළුව, කැරිබියන් දූපත් වෙත විශාලතම ඇමරිකන්
හමුදාවක් යොදවල තියෙද්දී. ඒ වෙනිසියුලාව ආක්‍රමණය කිරීමේ බලාපොරොත්තුවෙන්. ඒ වෙනුවෙන් ක්වර්දෝරයේ පැලපදියම් වෙන්න ට්‍රම්ප් කට ඇරගෙන හිටියේ. නමුත් ඉක්වර්දෝර ජනතාව අපූරු පාඩමක් කියල දුන්නා. ඔවුන් ඩැනියෙල්ව දැන් සලකන්නෙ කයිවාරු ගහන වැඩ බැරි පාලකයෙක් විදිහටයි.

ජනප්‍රිය පුවත්  පෝක් සමුද්‍ර සන්ධිය හරහා නිර්මාණය වන බියකරු රළ පහරක්!

ඇත්තටම ඇමරිකන් හමුදාව ඉක්වර්දෝරයේ පැලපදියම් වෙන්නෙ 1941 ඉඳළ. දෙවන ලෝක
යුද්ධයේදී ඇමරිකාවේ පර්ල් වරායට ජපන්නු බොම්බ දානවත් එක්කම ඇමරිකන් හමුදා කඳවුරක්
ඉක්වර්දෝරයේ මැන්ටා වරාය වෙරළ තීරයේ දාන්න එවකට පාලකයින් ඉඩ දුන්නා. මේක පැනමා ඇල
ආරක්ෂා කරගන්නත් හේතුවක් වුණා. පසුව සැලිනාස් වෙරළ ආසන්නයේත් හමුදා කඳවුරක්
දැම්මා. ඇත්තටම මේ කඳවුරු පැසිෆික් සාගරය පාලනය කරන්නත් ලතින් ඇමරිකානු රටවල්වලට
බලපෑම් කරන්නත් ඇමරිකාවට බොහොම ප්‍රයෝජනවත් වුණා.

නමුත් ඇමරිකාවට 2008 දී ඉක්වර්දෝරයෙන් යන්න වුණා. යන්න වුණා නෙවෙයි පැන්නුවා. ඒ බලයට ආපු රෆායෙල් කොරියා. ඔහු වාමාංශිකයෙක් වගේම දැඩි ජාතිකවාදී නායකයෙක්. ඔහු මෙහෙම කිව්වා.“අපේ රටේ ඇමරිකන් හමුදා කඳවුරක් දාන්න ඉඩ දෙන්න ඕනි නම් අපිටත් ඇමරිකාවේ හමුදා කඳවුරක් දාන්න ඉඩ දෙන්න ඕනි”. මේකට ඇමරිකාව එකඟ වුණේ නෑ. පසුව ඔහු ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙල්ලා ඇමරිකන් හමුදා කඳවුරු ඉවත් කළා. ඇත්තටම ආත්ම ගරුත්වයක් තියෙන, ගෞරවනීය ඕනෑම රටක් තම භූමියේ විදේශීය හමුදා කඳවුරු ඉදිකරන්න ඉඩ දෙන්නෙ නෑ.

රෆායෙල් කොරියා කරපු ව්‍යවස්ථා සංශෝධනය නිසා වත්මන් නායක ඩැනියෙල්ට යලි ව්‍යවස්ථා සංශෝධනයක් කරගන්න ඕනි වුණා ඇමරිකන් කඳවුරු දා ගන්න. ඒක කරගන්න තමයි ඔහු ඇමරිකන් ගිවිසුම් පාර්ලිමේන්තුවට දාල ජනමත විචාරණයකට ගියේ. ඩැනියෙල්, ට්‍රම්ප්වාදියෙක් වුණත් ඔහු අනුරට වඩා හොඳයි කියලත් හිතෙනවා. අඩුම තරමේ ඔහු ගිවිසුම් පාර්ලිමේන්තුවට දාල ජනතාවගෙන්
කැමැත්ත ඇහුවා.

ජනප්‍රිය පුවත්  කළු රාජ්‍යයේ පළු ඇරීම! දාර්ශනිකව සිතමු…!

උපුටා ගැනීම ප්‍රයන්ත මධුකුමාර ෆේස්බුක් පිටුවෙන්

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x