November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

වපුරපු බර

1 min read

2014 වසර ආරම්භ වන විට අප රට විසින් ගෙවිය යුතුව තිබූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වල වටිනාකම ඩොලර් බිලියන 5 ක් පමණ වූ අතර (ඒ වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 8 ක් ඉතිරිව තිබුනි) 2019 දී යහපාලන රජය අවසන් වන විට එම ප්‍රමාණය ඩොලර් බිලියන 15 දක්වා 300 % කින් වැඩි වූ ආකාරය පහත සටහනෙහි දක්වා ඇත. (රට බංකොලොත් වීමට යහපාලන රජයේ දැක්වූ මෙම දායකත්වය ගැන කිසිවෙකු විවේචනය නොකිරීම පුදුම සහගතය)
ගෝඨාභය රජය රටේ බංකොලොත්භාවය ප්‍රකාශ කරන විට මෙයින් ඩොලර් බිලියන 2.5 ක් ගෙවා දමා තිබුන ලද අතර ඒ වන විට තවත් ඩොලර් බිලියන 12.5 ක් ගෙවිය යුතුව තිබුනි.


ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුවීමෙන් පසුව ණය ගෙවිය යුතු කාලය දික්වූ අතරම ගෙවිය යුතු මුදලද ඉහළ ගියේය.
මේ ගැන සොයා බැලීමේදී මා ලද තොරතුරු වලට අනුව ඉදිරි වසර හතරක කාලය තුළ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ලෙස අප ගත් ණය ඩොලර් බිලියන 9.5 ක් ගෙවිය යුතුව ඇත. (කරුණාකර මා වැරදි නම් මෙය නිවැරදි කරන්න. ණය ප්‍රතිව්‍යුහගත කළ බව සඳහන් කලද මෙය ගෙවිය යුතු කාලය සහ වාරික පිළිබඳ නිවැරදි දත්ත සොයාගැනීම අපහසුය)
යහපාලන රජය සමයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධූරය අහිමි වූ අවස්ථාවේදී ඔහුව රකින්නට වර්තමාන රජයේ ප්‍රබල ඇමතිවරුන් වශයෙන් සිටින අය ෆයිල් මිටි අතැතිව පාර්ලිමේන්තුව පුරා පස්ස කැඩුණු කඩි මෙන් මහත් කලබලයකින් දිවගිය අයුරු අපට හොඳින් මතකය.

ජනප්‍රිය පුවත්  කොළඹ ෂැම්පේන් සමාජවාදීන්! පෙන්ට්හවුස් මහල් නිවාසවල සිට සමානාත්මතාවය දේශනා කිරීම


තමන් දිවි හිමියෙන් ආරක්ෂා කල යහපාලන රජය අප රට මත පැටවූ ණයබර මේ වන විට තම හිස මත තබාගෙන දුවන්නට ඔවුන්ට සිදුවීම සැබවින්ම දෛවයේ සරදමකි.

සැබැවින්ම ඉදිරි වසර හතර අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් වනු ඇත. 2028 වසරේ සිට විදේශ ණය ගෙවීම සඳහා අප ඩොලර් බිලියන ගණනින් මුදල් රැස්කළ යුතුව ඇත. හිස ගිනි ගත්තකු ඒ ගින්න නිවා දමන්නට ඉක්මන් වන තරමටම විදේශ විනිමය සෙවීම සඳහා මුළු රටම එක්ව දිවා රෑ වෙහෙසිය යුතුව ඇත. තත්ත්වය එසේ තිබියදී එදා වේල ගතකර ගැනීම සඳහා මෙන්ම පාක්ෂිකයින්ගේ ආකර්ෂණය පවත්වා ගැනීමට රජය පවත්වන සංදර්ශන දකින විට රටේ අනාගතය ගැන ඇතිවන්නේ අවිනිශ්චිත හැඟීමකි.


දශක ගණනාවක් තිස්සේ රටේ බොහොමයක් සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කල මෙන්ම, රට බංකොලොත් කරන්නට දායක වූ රටේ සියලූම රජයන් බලයට ගෙන එන්නට සෘජුව සහ වක්‍රව දායක වූ පිරිසකටම අවසානයේ එහි බර දරන්නට සිදුවීම සැබවින්ම දෛවයේ සරදමකි. කර්මය අප හිතන තරම් අසාධාරණ නැත.

  • දර්ශන ප්‍රේමරත්න
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x