November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

කල් ඉකුත් වූ හා ප්‍රමිතියෙන් බාල බෙහෙත් විනාශ කරන්නත් කෝටි 12ක් ගෙවලා!

1 min read

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය මගින් ප්‍රමිතියෙන් තොර ඖෂධ, ශල්‍ය ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා ඉකුත් 2023 හා 2024 වර්ෂවලදී රුපියල් දොළොස් කෝටි තිස් දෙලක්ෂයකට (123,243,896.00) අධික මුදලක් ගෙවා ඇතැයි නවතම විගණන වාර්තාවකින් අනාවරණය කර තිබේ.

ඒ අනුව ඉකුත් 2023 වර්ෂයේදී ඒ වෙනුවෙන් රුපියල් දසකෝටි අනූහත් ලක්ෂයකට (190,756,890.00) අධික මුදලක් වියදම් කර ඇත. 2024 වර්ෂයේදී රුපියල් එක්කෝටි තිස් හතර ලක්ෂයකට (13,387,006.00) අධික මුදලක් ඒ සඳහා වියදම් කර තිබේ.

මෙම කටයුතු සිදුකර ඇත්තේ ලංසු කැඳවීමකින් තොරව හා ගිවිසුම් විෂය පථය පරීක්ෂා කිරීමකින් තොරව ය. ඒ සඳහා තාක්ෂණික කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුව අනුමැතිය ලබා දී තිබේ.

මෙම ඖෂධ විනාශ කිරීමට යොදවා ඇති මුදල අදාළ ඖෂධ ගෙන්වීමේ කොන්ත්‍රාත් මුදලට ද වඩා විශාල බව ද අදාළ විගණන වාර්තාව පෙන්වා දී ඇත.

නාමිනී පොන්නම්පෙරුම Underground වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x