ගල්අඟුරු කොමිසම මෛත්රී ගුණරත්නගෙන් පැය තුනක් ප්රශ්න කරයි..
1 min read
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව හමුවට ගල්අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයකු වන ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න මහතා කැඳවා තිබේ.
එහිදී ඒ මහතාගෙන් පැය තුනකට වැඩි කාලයක් ප්රශ්න කර ප්රකාශයක් සටහන් කරගෙන ඇත.
ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරු කටයුතු කරති.
ගල්අඟුරු අක්රමිකතා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කොමිෂන් සභාව පත් කර ඇති අතර, එහි අවසන් වාර්තාව ලබන මස මුලදී ජනාධිපතිවරයාට භාරදීමට නියමිතව ඇත.
