October 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි -ලෝක බැංකුව කියයි

1 min read

දිට්වා සුළි කුණාටු තත්ත්වයෙන් පසුව නැවත රට ගොඩනැගීම සඳහා වෙන්කරන ලද රුපියල් බිලියන 500 ක මුදලින් මේ වසර මැද වනවිට වියදම්කර ඇත්තේ සියයට අටකට (8 %) ආසන්න ප්‍රමාණයක් බව ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන කිරීමේ වාර්තාව සඳහන් කරයි.

මෙලෙස වියදම් නොකර රජය සතුව තිබෙන මුදල මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 460 ක් පමණ වන බවද පැවසේ.

මැද පෙරදිග යුද්ධය වෙනුවෙන් වෙන්කරන ලද රුපියල් බිලියන 100 ක සහන පැකේජයෙන් බෙදාහැර ඇත්තේද ඉන් අඩකටත් වඩා අඩු මුදලක් බව ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන්වේ.

එමෙන්ම, ප්‍රාග්ධන අයවැයෙන් වියදම්කර ඇත්තේ සියයට 16.7 ක් බවද එහි සඳහන්ය.

මෙය මුදල් ප්‍රශ්නයක් නොවන බවත්, දුර්වල ව්‍යාපෘති තේරීම, දුර්වල ප්‍රසම්පාදනය සහ දුර්වල ක්‍රියාත්මක කිරීමේ හැකියාව මීට හේතුවන බවද ලෝක බැංකුව පෙන්වා දෙන්නේය.

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරියගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ නිවාස, ව්‍යාපාරික ස්ථාන ගොඩනැගිලි ආදිය සඳහා වන්දි ගෙවීමට අදාළව රුපියල් බිලියන 150 ක මුදලක් අයවැයෙන් වෙන්වූ බවත්, ඉන් රුපියල් බිලියන 39 ක් එනම් වෙන්කරන ලද සමස්ත මුදලින් සියයට 25 ක් පමණ මේ වනවිට වියදම්කර තිබෙන බවය.

ජනප්‍රිය පුවත්  ‍හිස්බුල්ලා අල්ලස් කොමිසමට..
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x