November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

මීළඟ යුක්‍රේනය ජෝර්ජියාව ?

1 min read

භූ දේශපාලන වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇති ජෝර්ජියාවේ ද යුක්‍රේනයේ ‘මයිදාන් අරගලය’ මෙන් Gen’Z‘ පරපුර හරහා අවුලුවන ලබන අරගලයක් මේ වන විට ආරම්භ වී තිබේ. එම අරගලයේ ප්‍රකාශිත පරමාර්ථ වී ඇත්තේ, එරට රුසියානු හිතවාදී පාලනය පලවා හැරීමයි.

දැනට දින ගණනාවක සිට ආරම්භ කර ඇති එම අරගලය සම්බන්ධ පුද්ගලයන් එරට ජනාධිපති මන්දිරය වටකර ඇත. පාලක පක්ෂය නියෝජනය කරන නාමමාත්‍රික ජනාධිපතිවරයාද අරගලකරුවන් හා එක්ව, තම පක්ෂයේ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කිරීම මෙහිලා දක්නට ඇති විශේෂත්වයකි.

ජනාධිපති මන්දිරයට “ප්‍රොජෙක්ටර්ස්” වෙතින් විවිධ ආලෝක කදම්බ යොදා ගෙන අරගලකරුවන් විසින් සටන් පාඨ ප්‍රදර්ශනය කිරීම ද සිදු කර තිබේ. රුසියානු විරෝධී සටන් පාඨ හා යුරෝපා සංගමය සමග එක්වීමට බලකෙරෙන සටන් පාඨ ද ඒ අතර දක්නට වේ.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බහුලව නායකත්වය සපයන මෙම අරගලයට ඇමෙරිකානු එක්සත් ජනපදය ප්‍රමුඛ යුරෝපා සංගමයට අයත් රටවල මූල්‍යාධාර ලැබී තිබේ. රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ද එම අරගලයට සහය දක්වා ඇත.

කළු මුහුද සහ කැස්පියන් මුහුද අතර තිබෙන කුඩා රටක් වන ජෝර්ජියාව රුසියාව මග හැර, එම මුහුදු දෙක අතර ගමන් කිරීමේදී අත්‍යාවශ්‍ය වැදගත්කමකින් යුත් රාජ්‍යයකි. මෙය ඓතිහාසිකව වැඩි කලක් රුසියාව සමඟ එක්ව පැවැතී තිබේ.

ජනප්‍රිය පුවත්  ඉන්දුනීසියාවේදී ඇල්ලු පාතාල සාමාජිකයන්ගේ පොතෙන් සල්ලි දුන් කට්ටිය හෙළිවේ!

යුක්‍රේනයේ මෙන්, බටහිර රටවල් මෙම අරගලය මගින් උත්සාහ කරනුයේ රුසියානු විරෝධී පාලනයක් එරට ඇති කර, “නේටෝ” සංවිධානයේ සාමාජිකයකු බවට එය පත් කර, එමගින් රුසියාව අනාරක්ෂිත තත්ත්වයකට පත් කිරීමට ය. රුසියාව මග හැර කළු මුහුද හා කැස්පියන් මුහුද අතර නාවුක ගමනාගමනයට සුරක්ෂිත තත්ත්වයක් එමගින් ඇති කර ගැනීම ද බටහිර රටවල අරමුණ වී තිබේ.

හිමානි කළුපහන

Underground

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x