October 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මඩකලපුව දිවුලපතාන සිංහල ගොවීන්ගේ වගාබිම්වලට ගවයින් මුදාහැරීමෙන් හානි.. – වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක්..

1 min read

මඩකලපුව දිස්ත්‍රික්කයේ දිවුලපතාන ප්‍රදේශයේ සිංහල ගොවීන් විසින් බිම් සකස් කර බීජ වපුරා ඇති වගාබිම් වෙත විශාල වශයෙන් ගවයින් මුදාහැරීම හේතුවෙන් තමන්ගේ වගාවන්ට දැඩි ලෙස හානි සිදුවෙමින් පවතින බව ප්‍රදේශයේ ගොවි ජනතාව චෝදනා කරති.

මීට පෙර මහවැලි නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී, සිංහල ගොවීන් මෙම භූමියෙන් ඉවත් නොවන්නේ නම් දැනට වගා කර ඇති භූමි වෙත විශාල වශයෙන් ගවයින් මුදාහරින බවට තර්ජනයක් සිදු වූ බව ගොවීන් පෙන්වා දෙයි. එම සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපතාන ගොවි සමිතිය විසින් ඊයේ දිනයේදී පොලිසිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත්, එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබියදීත් අද දිනයේදී මෙලෙස විශාල වශයෙන් ගවයින් වගාබිම් වෙත මුදාහැර ඇති අතර, මෙම ක්‍රියාව රාසමානික්කම් මහතාට සම්බන්ධ පිරිසක් විසින් සිදුකර ඇති බවට ගොවීන්ගෙන් චෝදනා එල්ල වේ. මෙම චෝදනාව සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකළ යුතු බවද ඔවුහු පවසති.

ජාති හෝ ආගම් භේදයකින් තොරව මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ දෙන මෙම ගැටලුව පිළිබඳව කඩිනම් හා සාධාරණ විමර්ශනයක් සිදු කරන ලෙස ප්‍රදේශවාසීන් සහ ගොවි සංවිධාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. මෙම සිද්ධිය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්නත්, පෙර සිදු වූ තර්ජන සම්බන්ධයෙන් ගත් නීතිමය ක්‍රියාමාර්ග මොනවාද යන්නත් පරීක්ෂා කර බලා, හිතාමතා වගාබිම් විනාශ කිරීමට කටයුතු කළ පාර්ශ්වයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතියට අනුව කටයුතු කිරීම රාජ්‍යයේ වගකීමක් බව ඔවුහු පෙන්වා දෙති.

ජනප්‍රිය පුවත්  සජබ – එජාප එක් වීමෙන් පසු සාගලට දැඩි ප්‍රහාරයක්..!

මඩකලපුවේ සිංහල ගොවීන්ටද නීතියේ සමාන ආරක්ෂාව ලබාදෙමින්, පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසුව බලධාරීන් නිසි පියවර ගෙන ඔවුන්ගේ වගාවන් සහ ජීවනෝපාය ආරක්ෂා කරදීමට වහාම මැදිහත් වන ලෙස ප්‍රදේශයේ ගොවි ජනතාව බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x