October 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කලාපීය භූ දේශපාලනය තුල නොවැම්බර් මාසය අවිනිශ්චිත තත්වයක!

1 min read

නොවැම්බර් මාසයේ පැවත්වීමට නියමිත මධ්‍යකාලීන මැතිවරණය අභියස ඇමරිකාව විසින් මැදපෙරදිග යුද්ධය නව්‍ය තැන්මාරුවකට තල්ලු කරමින් ඇත. ඒ අනුව යමින් ඉරානය සමඟ ඇති ආතතීන් විසඳී නොමැති තත්ත්වයක් තුල එක්සත් ජනපද භටයින් 50,000 කට වැඩි පිරිසක් දැනටමත් කලාපයේ ස්ථානගත කිරීමට අමතරව එක්සත් ජනපදය බටහිර ආසියාවට තුන්වන ගුවන් ප්‍රහාරක කණ්ඩායමක් සහ අතිරේක නාවික හමුදා යෙදවීමට සූදානම් වෙමින් සිටින අතර, එමඟින් භටයින් 10,000 ක් දක්වා එකතු විය හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

ඊට සමගාමීව ඇමරිකාව විසින් ඩීසල් අපනයන තහනමක් පැනවීමට අනතුරු අඟවා ඇත. මේ තත්ත්වය එංගලන්තය ප්‍රමුඛ යුරෝපීය සංගමය නියෝජනය කරන රටවලට දැවන්ත ලෙස බලපාන අතර යුරෝපය ගබඩා කර ඇති ඩීසල් සංචිත මුදාහැරීමට බලකර ඇත.

ශීත සෘතුව ආරම්භ වීමට නියමිත මොහොතේ මෙම තත්ත්වය යුරෝපයට අවධානම් තත්ත්වයකි.නොවැම්බර මාසයේ පැවත්වීමට නියමිත මැතිවරණය ඉලක්ක කර ඇමරිකානු ජනයාට අවශ්‍ය ඩීසල් හිගවීම වැලක්වීම මෙහි අරමුණ බව විචාරකයන් පවසයි.

කෙසේ වෙතත්, නැව් ගමනාගමනය අවහිර වී ඇති ගල්ෆ් මුහුද, රතු මුහුද සහ කලු මුහුද හරහා ලෝකයේ අනෙක් කලාප වලට ප්‍රවාහනය කරන ඉන්ධන වලට බලපාන ආකාරය මෙම තත්ත්වය තුල තවදුරටත් උත්සන්න වීමට නියමිත බව ඒ සම්බන්ධ විචාරකයන්ගේ මතයයි.

ජනප්‍රිය පුවත්  මිත්‍ර රටවලට හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතයි - ඉරානය

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x