මුලතිව් වෙරළට මියගිය මත්ස්‍යයින් විශාල ප්‍රමාණයක් ගොඩ ගසයි..
1 min read
මුලතිව් වෙරළ ප්‍රදේශයට මේ දින වල විශාල වශයෙන් මිය ගිය මසුන් ගොඩ ගසා ඇති අයුරු දක්නට ඇති බව එම ප්‍රදේශ වල ප්රදේශෙවාසිහු සදහන් කරති.
මුලතිව් පුදුමාතලන් වෙරළ තිරයට මෙසේ විශාල වශයෙන් මිය ගිය මත්ස්‍යයන් දින කීපයක සිට ගොඩ ගැසීමට පටන් ගෙන තිබේ.
මෙයට නිශ්චිත හේතුවක් මේ දක්වා අනාවරණය වී නොමැති අතර මෙය පාරිසරික කාරණාවක්ද මිනිස් ක්‍රියාකාරකමක් මත සිදු වු තත්වයක්ද යන්න පිළිබද මේ දක්වා නිශ්චිතව තහවුරු වී නොමැත.
