September 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දූෂණ මර්දන පනත සංශෝධනය කරන්නේ නිමල් පෙරේරාව බේරගන්න ?

1 min read

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතට ආණ්ඩුව මගින් ඉදිරිපත් කර තිබෙන සංශෝධනවල එක් ප්‍රධාන අරමුණක් වී ඇත්තේ, බලධාරින්ට උවමනා පරිදි සාක්ෂි ලබාදෙන පුද්ගලයන් ආරක්ෂා කර ගැනීම බව නීතිවේදීහු පෙන්වා දෙති.

මෙම සංශෝධන මගින් විමර්ශනයකට පූර්ණ සහාය දෙන විස්තර හෙළි කරන සහායකයෙකුට (ඔත්තුකරුවකුට) එරෙහිව නඩු පැවරීමෙන් වැලකී සිටීමට තීරණය කිරීමේ බලය මෙම නව සංශෝධනය මගින් අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරේ. මහේස්ත්‍රාත්වරයකුගේ පූර්ව අනුමැතියක් ඒ සඳහා අවශ්‍ය නොවේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලැබෙන මෙම නව බලතල මගින්, නිමල් පෙරේරා වැන්නකු (එනම්, එයාර් බස් ගනුදෙනුවේ ගනු ලැබුවායැයි කියන අල්ලස් මුදල මුලින්ම ලබාගත්තේ යැයි කියන) සම්බන්ධයෙන් පවා නඩු පැවරීමෙන් වැලකී සිටිය හැකිය.

එමෙන්ම මෙම නව සංශෝධන මගින්, අල්ලස් හෝ දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් ඇප ලබාදීමේ ක්‍රියාවලිය දැඩි කිරීමට සහ මහාධිකරණය මගින් විශේෂ අවස්ථාවලදී හැර ඇප ලබා නොදීමට අදාළ ප්‍රතිපාදන ද ඇතුලත් කර තිබේ.

මීට අමතරව, දැනට පවතින එම පනතේ රාජ්‍ය කොටස් 25% ක ප්‍රමාණයක් ඇති රජය හෝ පොදු සංස්ථාවල අධ්‍යක්ෂවරුන් හා සේවකයන් වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්ය වුවත්, නව සංශෝධන මගින් එය රාජ්‍ය කොටස් 50% දක්වා ඉහල දමා තිබේ.

ජනප්‍රිය පුවත්  ධූර කාලය දීර්ඝ කරන්න එපා ! අගවිනිසුරු කියයි !

ප්‍රකාශකයා සමග එකම නිවසක මාස 6 ක් හෝ ඊට වැඩි කාලයක් ජීවත්වන වෙනත් පුද්ගලයන්ගේ (සහවාසීන්ගේ) වත්කම් සහ වගකීම් විස්තර ඇතුලත් කිරීමේ අවශ්‍යතාව පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ පදනම මත නව සංශෝධන මගින් ඉවත් කර තිබේ. පනත යටතේ ප්‍රසිද්ධ කරනු ලබන වත්කම් ප්‍රකාශනයක් ලබාගන්නා අයකුට එය භාවිතා කළ හැක්කේ පනතේ නිශ්චිතව දක්වා ඇති නිලධාරියකුට හා ආයතනයකට ඉදිරිපත් කිරීමට පමණි. වත්කම් ප්‍රකාශ කරන අයකුගේ පුද්ගලිකත්වය උල්ලංඝණය වන පරිදි එම තොරතුරු භාවිතා කිරීම රුපියල් 100,000 ක උපරිම දඩයකට, වසරක් දක්වා සිර දඬුවමකට හෝ ඒ දෙකටම යටත් විය හැකි වරදකර බවට ද මෙමගින් පත් කර තිබේ.

ඒ අනුව පෙනී යන්නේ, මෙම සංශෝධන, වර්තමානය වන විට චෝදනා ඇති පුද්ගලයන් කවර හෝ ක්‍රමයකට සිරගත කිරීමත් (එය පහසු කරවීම) අනෙක් අතට, වර්තමානයේ සහ අනාගතයේ චෝදනා ලබන පුද්ගලයන්ගේ වත්කම් පිළිබඳ දත්ත මහජනයා හමුවේ නිරාවරණය කිරීම වැලැක්වීමත් ඉලක්ක කරගෙන ගෙන එන ලද සංශෝධන බවයි.

විශේෂයෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අසීමිත ඒකාධිපති බලයක් මෙමගින් හිමිකර දී තිබේ. එම අත්තනෝමතික බලය යොදවා දරුණු මර්දනකාරිත්වයක් පොදු සමාජය මත පැටවීම මෙමගින් සිදුකෙරෙනු ඇති බව ප්‍රවීන නීතිවේදීහු අවධාරණය කරති.

  • ජානක දික්ගහකුඹුර
ජනප්‍රිය පුවත්  නැවතත් 15% කින් විදුලි ගාස්තු ඉහළට!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x