September 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වසර පහකදී සිසුන් 265,000ක් පාසල් හැර ගිහින්

1 min read

පසුගිය වසර පහක කාලය තුළ පළමු ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් 265,000කට ආසන්න පිරිසක් පාසල් හැර ගොස් ඇති බව පුනරුත්ථාපන කාර්යාංශය පවසයි.

එම කාර්යාංශයේ පාලක සභාවේ සභාපති මහාචාර්ය වසන්තා සුබසිංහ සඳහන් කළේ, තරුණ තරුණියන් විශාල පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි. මෙහිදී ඇය පැවසූයේ අවුරුදු 18ත් 30ත් අතර වයස් සීමාවේ පසුවන පිරිමි පුද්ගලයන් බහුතරයක් මත්ද්‍රව්‍යය භාවිතයට නැඹුරුව ඇති බවයි.

එමෙන්ම මේ වනවිට මිතුරු ඇසුර හේතුවෙන් ගැහැනු ළමුන්ද විවිධ මත්ද්‍රව්‍යය භාවිතයට ඇබ්බැහි වෙමින් ඇති බවට අනාවරණයවී තිබෙන බව ඇය පැවසුවාය. පාසල් හැර යන සිසුන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඔවුන් මත්ද්‍රව්‍යය භාවිතය ඇතුළු අවදානම් තත්ත්වයන්ට යොමුවීම වැළැක්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාවක් පවතින බවද වසන්තා සුබසිංහ පෙන්වා දුන්නාය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x