October 21, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

චාමර යටතේ සෙවනගල ලාභය බිලියන 2.5යි.. සුනිල් යටතේ 2025 පාඩුව බිලියනයයි..

1 min read

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙස වසා දමා ඇති බවට පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බන්දුල සමන් කුමාර මහතා චෝදනා කරයි.

ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ වෘත්තීය සමිති නායකයන් මර්දනය කරමින් ආණ්ඩුව මෙම පියවර ගෙන ඇති බවයි.

මෙම තීරණය හේතුවෙන් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ජීවිකාව සරිකර ගන්නා උක් ගොවි පවුල් 4,000කට ආසන්න සංඛ්‍යාවකගේ ආදායම් මාර්ග ඇහිරී ඇති අතර, එහි සේවයේ නියුතු 1,000කට අධික සේවක පිරිසකගේ රැකියාවන්ට ද දැඩි තර්ජනයක් එල්ල වී තිබේ.

වැටුප් හා ප්‍රසාද දීමනා මාස අටක කාලයක සිට කපා හැරීමට එරෙහිව ජවිපෙ ඇතුළු වෘත්තීය සමිති හයක් එක්ව මෙම වැඩවර්ජනය ආරම්භ කළ බවත්, පවතින අධික ජීවන වියදම හමුවේ එම කප්පාදුව දරාගත නොහැකි බවත් ලේකම්වරයා පැවසීය.

2022-2023 වසරවලදී රුපියල් බිලියන 2.5කට අධික ලාභයක් ලැබූ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව, 2025 වසර වන විට රුපියල් බිලියනයකට අධික පාඩුවක් ලබා ඇති බවට ද ඔහු මෙහිදී අනාවරණය කළේය.

ජනප්‍රිය පුවත්  මිහින්තලේ පොලිස් සිරමැදිරියෙන් දෙදෙනෙකු පනී

ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටියදී වැඩවර්ජන කැඳවමින් කර්මාන්ත ශාලා වසා දැමූ ආකාරයටම, බලයට පත්වීමෙන් පසුව ද සේවක ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදී මෙලෙස කර්මාන්ත ශාලා වසා දමා දහස් සංඛ්‍යාත ජනතාවක් අර්බුදයකට ඇද දමමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් චෝදනා කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x