September 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“බුද්ධාගම නැතිවෙන්නේ නැහැ.. ඒ අනතුර තියෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට”.. – මහාචාර්ය ලලිත්සිරි ගුණරුවන්

1 min read

බුදුදහමට අනතුරක් කිරීමට නොහැකි නමුත් වර්තමානයේ සැබෑ තර්ජනය එල්ල වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලලිත්සිරි ගුණරුවන් මහතා පවසයි.

යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, බුදුදහම යනු විශ්වීය ධර්මතාවයක් බැවින් එය විනාශ කළ නොහැකි බවයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ බුදුදහම ආරක්ෂා වී පැවැත්මට පදනම වූ සිංහල බෞද්ධ සංස්කෘතික පද්ධතිය සහ චාරිත්‍ර වාරිත්‍ර වර්තමානයේ විවිධ අභියෝගයන්ට ලක්වෙමින් පවතින බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

මෙම තත්ත්වය හමුවේ බෞද්ධ උරුමය සහ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරගැනීම සඳහා ජාතියක් ලෙස අවධානය යොමුකිරීමේ අවශ්‍යතාව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x