September 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කුඩා වැව් 5600ක ජලය 25%ට බැහැලා

1 min read

පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයත් සමග ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුඩා ප්‍රමාණයේ වැව් 5,600 ක පමණ ජල ධාරිතාවය සියයට 25 ක් හෝ ඊට පහළ මට්ටම්වල පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මොනරාගල, හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුර ආදී වියළි කලාපීය ප්‍රදේශවල වැව්වල ජල මට්ටම මෙලෙස පහත වැටී තිබෙන බව ගොවිජන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග පැවැසීය.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ දිවයින පුරා කුඩා වැව් 16,000 ක් පමණ පාලනය වෙයි.

වැව්වල ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩුවුවද, එය මේ වසරේ යල කන්නයට බලපෑමක් නොමැති බවත්, ඊට හේතුව මේ වනවිට යල කන්නයේ අස්වැන්නෙන් සියයට 50 ක් පමණ නෙළා අවසන් කර තිබීම බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.

එල් නිනෝ තත්ත්වය හමුවේ ඉදිරියේ කටයුතු කිරීමට අදාළව පිහිටුවා තිබෙන කාර්ය සාධක බලකායේ උපදෙස් මත 2026/27 මහ කන්නය සහ 2027 යල කන්නයේ වගා කටයුතු සම්බන්ධව කටයුතු කෙරන බවද ඔහු පැවැසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x