September 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අධිකරණයට..

1 min read

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් මීට සුලු මොහොතකට පෙර බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී, තම කාර්යය මණ්ඩලය සඳහා බව පවසමින් බඳවා ගන්නා ලද සේවකයින් 04 දෙනෙකුගෙන් තිදෙනෙකු තමාට අයත් ඉන්ධන හලක සේවයේ යොදවා ගනිමින් ද, තවත් සේවකයෙක් තනතුරට අදාළ වෙන් කර තිබූ කාර්යාලයේ රාජකාරී සඳහා යොදවා ගැනීමකින් තොරව එම සේවකයන් වෙත රජයෙන් රු.2,768,836.14 ක වැටුප් හා දීමනා ගෙවීමට සැලැස්වීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කිරීම යන චෝදනාව මතයි ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ.

මෙම සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන හිටපු ඇමති අකිලගේ ඉන්ධන පිරවුම් හලේ සේවකයාද අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

එම සැකකරු ද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන එනු ලැබීය.

සිද්ධියට අදාල නඩුව කැඳවිමට නියමිතයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x