ගොවියෝ දැන් සතුටින් ඉන්නෙ.. – ඇමති වසන්ත
1 min read
වී මිලදී ගැනීමේ කටයුතු සඳහා රජය රුපියල් මිලියන 26,000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
මෙය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් මිලියන 10,000ක කැපී පෙනෙන වැඩිවීමක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පෞද්ගලික අංශය ද වී මිලදී ගැනීමේ මිල ගණන් ඉහළ නංවා ඇති බැවින් ගොවීන් මේ වන විට ඉතා සතුටින් පසුවන බවයි.
පසුගිය දින කිහිපය තුළ පෞද්ගලික අංශය වී කිලෝවක් රුපියල් 112ක් වැනි ඉහළ මිලකට මිලදී ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.
එසේම, ඉදිරියේදී ඇති විය හැකි ‘එල් නිනෝ’ කාලගුණික තත්ත්වය පිළිබඳව රජය දැඩි අවධානයෙන් පසුවන බවත්, ඕනෑම අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දීමට සූදානම් බවත් අමාත්‍යවරයා වධාරණය කළේය.
