අපි ආණ්ඩුව ගත්තට තාම රාජ්‍ය බලය අරගෙන නෑ.. අපේ කෙල්ලෝ කොල්ලෝ රාජ්‍යයට එන්න ඕනේ..- එරංග
1 min read
තමන් ආණ්ඩුවක් පිහිටුවා තිබුණද, රාජ්‍ය බලය තවමත් සම්පූර්ණයෙන් තමන් සතු වී නොමැති බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.
“අපි ආණ්ඩුවක් අරගෙන තියෙනවා, තාම රාජ්‍ය බලය අපි අරගෙන නෑ. ග්‍රාම සේවක අපි කියන විදිහටම වැඩ කරනවද සමහර තැන්වල? ප්‍රාදේශීය ලේකම් අපි කියන විදිහටම වැඩ කරනවද? දිසාපති අපි කියන විදිහට වැඩ කරනවද? නෑ. එහෙමනම් මොකක්ද වෙන්න ඕනේ? අන්න මෙතන ඉන්න කෙල්ලෝ කොල්ලෝ රාජ්‍ය අභ්‍යන්තරයට එන්න ඕනේ.”
ලංකාවේ පළමු වතාවට තමන් මුදුනට අත තබා ඇති බවත්, ඒ හේතුවෙන් සෙසු පිරිස් කලබල වී ඇති බවත් ඔහු මෙහිදී පැවසීය. පරාජිත දේශපාලන කණ්ඩායම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ ද ප්‍රකාශ කළේය.
“පරාදයි රනිල්ලා විනාශ වෙලා නෑ. පරාදයි සජිත්ලා විනාශ වෙලා නෑ. පරාදයි නාමල්ලා විනාශ වෙලා නෑ. අන්න ඒ විනාශ නොවුණු පිරිස දැන් තැන් තැන්වල නටන්න පටන් අරගෙන තියෙනවා. අපි මොකක්ද කරන්න ඕනේ? දේශපාලනිකව විනාශ කරලා දාන්න ඕනේ. නටන්න පුළුවන් වුණාට දළදා පෙරහැරේ හැමෝටම නටන්න දෙන්නෙත් නෑ. ඒ වගේ තමයි ඕගොල්ලන්ටත්.”
මෙම බලය නැවත කිසිවෙකුට ලබා දීම සඳහා තමන් කටයුතු නොකරන බව ද නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
