July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අමෙරිකාව සහ ඉරානය අතර ප්‍රහාර උග්‍ර අතට

1 min read

අමෙරිකාව සහ ඉරාන හමුදා අතර දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ හේතුවෙන්, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සහ තවත් දින 60ක සාකච්ඡාවලින් පසුව යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින් පසුගිය මාසයේදී අත්සන් කරන ලද අමෙරිකා-ඉරාන අතුරු ගිවිසුම පිළිබඳව තවදුරටත් සැක මතු වී තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයේ පාලනය තමන් සතු කර ගැනීමට ඉරානය උත්සාහ කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගතව ඇති බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු මධ්‍යම අණදෙන බලඇණිය පවසන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහසේ ගමන් කරන සිවිල් නාවිකයන්ට සහ වාණිජ නැව්වලට ප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාව අඛණ්ඩව දුර්වල කිරීම සඳහා ඇමෙරිකානු හමුදාව ඉරානයට එරෙහිව ප්‍රහාර දියත් කිරීම ආරම්භ කළ බවය.

කෙසේවෙතත් සති අන්තයේ ඉරානයට එරෙහිව ඇමෙරිකාව එල්ල කළ ආක්‍රමණශීලී ප්‍රහාර හෙළා දකින බව ද නිවේදනයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍යාංශය සඳහන් කර සිටී.

ජනප්‍රිය පුවත්  76 ඉලෙක්ට්‍රික් කාර් හදපු, ලෝකයේ මුලින්ම අත් ට්‍රැක්ටරය හදපු ලාංකිකයන්ට මොකද වුණේ?

එමෙන්ම ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බාකර් කලීබාෆ් X හි සටහනක් තබමින් සඳහන් කර සිටියේ “ඒකපාර්ශ්වික ගිවිසුම්වල යුගය අවසන්. අපි ඔබට කිව්වා: ඔබේ පොරොන්දුව රකින්න, නැත්නම් වන්දිය ගෙවන්න. යථාර්ථය දැන් අප ඉදිරියේ ඇත.” ලෙසය.

පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය හේතුවෙන්, ඇමෙරිකානු කඳවුරු පවතින රටවලට ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ගල්ෆ් කලාපය අස්ථාවර වී තිබේ.

ඉරානය විසින් සමුද්‍ර සන්ධිය ඵලදායී ලෙස අවහිර කිරීම හේතුවෙන් බලශක්ති මිල ඉහළ ගොස් ඇති අතර එය ගෝලීය උද්ධමනය තවදුරටත් දැඩි කිරීමට හේතු වී ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x