July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සූරසේන දැන් අගවිනිසුරු ලෙස ඉන්නේ නීති විරෝධීව ! සුවිශේෂ අණාවරණය

1 min read

ශ්‍රී ලංකාවේ අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන නැමැති මානසික රෝගී පාදඩයා තම උපන්දිනය වෙනස් කර විශ්‍රාම යන දිනය දිග්ගස්වාගෙන ඇතැයි “Lanka Underground News” ප්‍රථම වරට අණාවරණය කර සිටී.

ඔහුගේ සත්‍ය විශ්‍රාම යා යුතු දිනය වනුයේ, 2026.01.12 වේ. ඒ අනුව ඔහු ඉපදී ඇත්තේ 1961.01.12 වේ. ඔහුගේ උප්පැන්න සහතිකය සොයාගැනීමට නොහැකි අයුරින් අතුරුදහන් කර ඇත්තේ ඔහු සහ ජනාධිපති අනුර කුමාර සිදුකරන ලද අශිෂ්ඨ මෙහෙයුමකට අනුව ය. ජනාධිපති අනුර කුමාරගේ එංගලන්තයේ වෙසෙන කල්‍යාණ මිතුරු උවිඳු කුරුකුලසූරිය අගවිනිසුරු සූරසේනගේ උප්පැන්න සහතිකය සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳව වරෙක සිය මුහුණු පොතේ සටහන් කර තිබුණේ මෙසේය.

“අරය, ඒ කියන්නෙ නඩු තීන්දු දෙන ඉහලම තැන ඉන්න කෙනාගෙ උප්පැන්න සහතිකේ හොයා ගන්න බැරිලු. ලංකාව වගේ රටක අගවිනිසුරුගෙ‍ එකනම් ආරක්ෂක අමාත්‍යාංශයේ – ඒ කියන්නෙ, එයා නේවි එකට ගිය නිසා – කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමියෙ, ඊ ගාවට ලෝ කොලීජියේ, නීතිපති දෙපාර්තමේන්තුවේ, අධිකරණ සේවා කොමිෂමේ, ජනාධිපති ලේකම් කාර්යාලයෙ වගේ තියෙන්න ඕන. මේ කොහෙ හරි ලංකාවේ අගවිනිසුරුතුමාගේ එක ඇති. මම ඉන්නෙ පකිස්ලන්තෙ අගවිනිසුරු උන්නාන්සෙගෙ උප්පැන්නෙ ඔය කොහේවත් නැහැ. ඒවා අතුරුදහන් කරවල. මේ පකිස්ලන්තෙ ඉන්නෙත් වීරවංශල වගේ අය වගේ ! ලංකාවෙ වගේනම් අග්‍රවිනිශ්චකාරයා තමන්ගෙ උප්පැන්න සහතිකේ ප්‍රසිද්ධ කරනවා. කොහෙද, මං ඉන්න පකිස්ලන්තෙ ඒවා !”

ජනප්‍රිය පුවත්  අපි ජීවත් වෙන්නේ අනුන්ගෙන්! අපේ සල්ලි අපට! - මනුවර්ණ

උවිඳු කුරුකුලසූරිය මේ සටහන තබන ලද්දේ මෙම මස 04 වැනිදා ය. මෙයින් හැඟවෙන්නේ, අගවිනිසුරු, දේවගැති සූරසේනගේ උප්පැන්න සහතිකය අතුරුදහන් බව උවිඳු කුරුකුලසූරියට තොරතුරු ලැබී ඇති බවය .

අපගේ ගවේෂණයට අනුව, අණාවරණය වී ඇත්තේ, දේවගැති අගවිනිසුරු බලපෙරේත පිස්සු සූරසේන ජනාධිපති ලේකම් කාර්යාලයට හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යොමු කර ඇති ලේඛනවල සිය විශ්‍රාම දිනය ලෙස සඳහන් කර ඇත්තේ 2026.01.12 බවය. ඔහු අගවිනිසුරුවීමෙන් අනතුරුව කුමන්ත්‍රණකාරී ලෙස ජනාධිපතිගේ ආශිර්වාදය ඇතිව, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායකගේ සහයෝගයෙන්, විශ්‍රාම යන දිනය ලෙස 2026.12.01 ලෙස වෙනස් කර තිබේ.

මෙම සියලු තොරතුරු විනිසුරු ඉසුරු නෙත්තිකුමාර සතුව පවතින බව අපගේ ගවේෂණාත්මක මාධ්‍ය ඒකකය අවධාරණය කරනු ලබයි.

ඒ අනුව, මෙම වසරේ ජනවාරි 12 වැනිදා විශ්‍රාම යා යුතුව ඇති දේවගැති අගවිනිසුරු පිස්සු සූරසේන, ඒ දිනයේ සිට මේ දක්වා (දෙසැම්බර් 12 දක්වා) එම ධූරයේ රැඳී සිටින්නේ නීති විරෝධීව කූඨලේඛන සකසා ය. ලොව කිසිදු රටකවත් අගවිනිසුරුවරයකු මේ අන්දමේ වංචාවක් සිදුකර, තම විශ්‍රාම වයස හංගා, වැඩි කාලයක් ධූරයේ රැඳීසිටීමට කටයුතු කර නොමැත.

ජනප්‍රිය පුවත්  සරත් ෆොන්සේකත් ආණ්ඩුවට !

මානසික රෝගියකු වන දේවගැති ප්‍රීති පද්මන් සූරසේන ඒ අනුව මේ වන විට නීත්‍යානුකූල අගවිනිසුරු නොවේ. ඒ බව කීමට කිසිවකු බියට පත්විය යුතු ද නොවේ. ඔහුගේ ව්‍යාජ විශ්‍රාම වයසට අනුව, තව වසර 2 ක් ඔහුව තබා ගැනීමට ජනාධිපති අනුර කුමාර දරන ප්‍රයත්නය ද මේ අනුව අසාර්ථක වනු ඇති බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.

  • විදුර කම්මැල්ලගේ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x