ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළට
1 min read
මෙරට සිදුවූ ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය මේ බව සඳහන් කළේය.
ඒ අනුව මේ දක්වා රට පුරා මේ වසරේදී වාර්තාවී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 67,174කි.
ජූලි මාසයේ පළමු දින 09 තුළ පමණක් රෝගීන් 10,685ක් වාර්තා වී ඇති අතර, ඊයේ (10) දිනට පමණක් රෝගීන් 1,110ක් පමණ වාර්තා වු බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසීය.
මේ වනවිට ප්‍රධාන රෝහල් කිහිපයකට ධාරිතාවය උපරිමයට ගොස් ඇති බැවින් රෝහල්වල දැඩි පීඩනයක් මෙන්ම තදබදයක් පවතින බවද වෛද්‍යවරයා පැවසීය.
