July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විපක්ෂ නායක සජිත් අල්ලස් කොමිෂම ට කැඳවයි

1 min read

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.
කොමිෂන් සභාව මගින් දැනට පවත්වාගෙන යනු ලබන විමර්ශයනට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඒ මහතා මෙලෙස කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මෙම මස 27 වැනිදා කොමිෂම හමුවේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම් දී ඇත.

පසුගිය රජය සමයේ චමින්ද කුලරත්න මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස පත් කිරීමේදී ක්‍රියාත්මක වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස විපක්ෂ නායකවරයා කටයුතු කර තිබේ.

එම පත්වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීමට සහ තොරතුරු ලබා ගැනීමට විපක්ෂ නායකවරයා මෙලෙස කැඳවා ඇති බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

චමින්ද කුලරත්න මහතාගේ සේවය වත්මන් රජය යටතේ අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x