July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුරේෂ් සලේට දීලා තියෙන සැප පහසුකම් ඇහුවාම මටත් සිරගත වෙන්න හිතෙනවා – මන්ත්‍රී මනුවර්ණ

1 min read

අත්අඩංගුවේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාට ලබාදී ඇති සැප පහසුකම් ගැන ඇසූවිට තමන්ටත් සිරගත වීමට සිතෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, සිනමා නළු ජගත් මනුවර්ණ මහතා පවසයි.


“දැන් ලංකාවේ දූෂණ වංචාවලට ගෑවිච්ච සියලු දෙනා සලිත වෙලා ඉන්නෙ. ඒක ජනතාවගෙත් අපේක්ෂාව. මොකද මේ යුක්තියේ යුගය. විශේෂයෙන්ම මේ සුරෙෂ් සලේ වගේ කෙනෙක්ගේ බිරිඳට සහ ඔහුගේ දරුවන්ට පවුලේ හිතවතුන්ට කියන්න ඕනෙ, සුරේෂ් සලේ වගේ කෙනෙක්ව බේරාගන්න ඕනෙ අපෙන් නෙවෙයි රාජපක්ෂලාගෙන්. ඔහුව පරෙස්සම් කරගන්න ඕනෙ උදය ගම්මන්පිලලාගෙන්. ඔහුව පරෙස්සම් කරගන්න ඕනෙ විමල් වීරවංශලාගෙන්, සරත් වීරසේකරලාගෙන්. මොකද ඔහුට තර්ජන තියෙන්නෙ ඔවුන්ගෙන්. අපේ ආනන්ද විජේපාල මහජන ආරක්ෂක ඇමතිතුමා ඔහුට ලබාදීලා තියෙන සැප පහසුකම් ගැන කිව්වා. සිරගත වෙන්න හිතෙනවා ඒ දෙන සැප පහසුකම් බැලුවාම. ගැලවිච්ච දත් පවා දාලා දීලා තියෙනවා. දැන් ඔහු නහයෙන් කන්නෙ නැතිව කටින් කනවා කියලා තීරණය කරලා තියෙනවා, ඉතාම හොඳයි. සහ අර අදාළ මුරපද ලබාදෙන්න”


ජගත් මනුවර්ණ මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ තලාතුඔය කර්චෝබ්‍රිජ් මාර්ගයේ අලුත්වැඩියා කටයුතු නිරීක්ෂණය සඳහා ඊයේ (02) එහි ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනප්‍රිය පුවත්  ආණ්ඩුව ද්වේශය - පළිගැනීම - කුහකකමින් අන්තයටම ගිහිල්ලා

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x