අසිතලාගේ විජිතය හා අනුරගේ අවනීතිය
1 min read
මාලිමා රජය අල්ලස් හෝ ඕනෑම චෝදනාවක් සම්බන්ධයෙන් ඒකපාර්ශවිකව කටයුතු කරන බව අප දිගින් දිගටම කියනවා.
එමෙන්ම ඔවුන් අද නීතිය සහ යුක්තිය හුදෙක් දේශපාලනික අවියක් බවට පත් කරගෙන.
මේ ඊට තවත් උදාහරණයක්.
මේ ඡායාරූප “ඩුබායි එයා ෂෝ” ප්‍රදර්ශනයේ.
මේ ඉන්නේ මාලිමා රජය විසින් ගුවන් සේවා විෂයත් ලබා දුන්නු, කැබිනට් අමාත්‍ය අනුර කරුණාතිලක.
සරලවම ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක.
ඔහු සමගම මේ සිටින්නේ අසිත මානගේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ පුද්ගලයෙක්.
නමුත් එයටත් වඩා සිවිල් ගුවන් සේවයේ මිනිස්සු අතර අසිත ප්‍රසිද්ධ වෙනස් ප්‍රතිරූපයකින්.
සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් ඔහු දකින්නේ ඉතාම කපටි, වංචාකාර, කොන් ආර්ටිස්ට් කෙනෙක් විදියට.
අසිත මානගේ ඔය විවිධ ව්‍යාපෘති අරගෙන, ආයෝජකයො ලඟට ගිහිල්ලා, ඔවුන්ට දේශපාලන සබඳතා පෙන්වලා, බලවත් බුවාලා එක්ක ගහපු ෆොටො පෙන්නලා, රවට්ටලා සල්ලි කඩාගන්න ජාතියේ පොරක්.
සිවිල් ගුවන් ක්ෂේත්‍රයේ අසිත මානගේට පටබැඳපු අපූරු නමක් තියෙනවා. ‘ෆේක් ඉට් ෆවුන්ඩර්’ (Fake It Founder)
සරලවම අසිත මානගේ එතැනින් කියවා ගත හැකියි.
ඔහු අවුරුද්දකට අලුත් බිස්නස් ප්‍රොප්‍රොසල්ස් පහ , හයක් අරගෙන එකම ආයෝජකයෙක් ලඟට යන පොරක්.
අලුත් අලුත් ආකාරයට මිනිසුන් රැවටීමට උත්සාහ කරන පොරක්. ඒ වෙනුවෙන් දේශපාලන සම්බන්ධතා භාවිතා කරන පොරක්.
කොහොමනමුත් මේ අසිත මානගේ ගේ එක් රැවටිලිකාර ව්‍යාපෘතියක් සාර්ථක වුණා.
ඔහු රත්මලාන මූලික කරගෙන ආයෝජකයෙක් එක්ක තවත් අලුත් ව්‍යාපාරයක් පටන් ගත්තා.
‘Blue Skies Aviation’. ගුවන් යානා අළුත්වැඩියා සහ සේවා සපයන ව්‍යාපාරයක්.
මේ සාර්ථක ජාත්‍යන්තර ව්‍යාපාර මොඩලයක්. ඒවා ඩොලර් මිලියන ගණන් උපයන, විශාල ව්‍යාපාර.
නමුත් ‘ෆේක් ඉට් ෆවුන්ඩර්’ දන්නා ව්‍යාපාරයක් නැහැ. ඔහුට එවැනි ව්‍යාපාර ඥානයක් හෝ හැකියාවක් ද නැහැ.
ගුවන් යානා නඩත්තුවට කොන්ත්‍රාත් ලබා ගැනීම පහසු නැහැ. ඒ සඳහා විදෙස් සමාගම් සමග ගිවිසුම් ඇතිකරගත යුතුයි.
එවැනි හැකියාවක් අසිතට නැහැ.
ඔහුගේ එකම අරමුණ ව්‍යාපෘතියක් පෙන්වා ආයෝජකයෙකුගේ දත ගැලවීම පමණයි.
මෙවර ඔහුට හමු වූ ආයෝජකයා බිලීෂ ෆර්නෑන්ඩූ.
බිලීෂ ලාඕසයේ ව්‍යාපාර කරන, ධනවත් ව්‍යාපාරිකයෙක්.
බිලීෂ, අප කථානායකයාගේ මේ ව්‍යාපෘති වාර්තාව පිළිගෙන එහි ආයෝජනය කරනවා.
නමුත් දැන් මේ ව්‍යාපෘතිය එක තැන පල්වෙමින් තිබෙනවා.
හේතුව ?
ආයතනය තුළ දැවැන්ත මූල්‍ය වංචාවක් සිදු වෙලා.
බිලීෂගේ විශාල මුදලක් වංචා කරලා.
සරලවම බිලීෂගේ අත්සන හොරාට ගහලා, අප කථානායක අසිත මානගේ සමාගම් ගිණුමෙන් රුපියල් මිලියන 33 ක් (තුන් කෝටි තිස් ලක්ෂයක්) හොරකම් කරලා.
මෙතැන දී ඔහු අපරාධ වැරදි දෙකක් කරනවා.
එකක් කූඨ ලේඛන සැකසීම. දෙවැන්න මුදල් හොරකම් කිරීම.
දැන් මේ ප්‍රශ්නය තියෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ.
සිය පියාට සිදු වූ අසාධාරණය නිසාම බිලීෂගේ පුතා ශෙහාන් ෆර්නෑන්ඩු මේ පිළිබඳව පැමිණිලි කරනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටත් බොහෝ දුරට පරීක්ෂණ අවසන් කරලා.
නමුත් තවමත් ඔවුන් අසිත මානගේ අත්අඩංගුවට අරගෙන නැහැ.
බිලීෂ, ශ්‍රී ලංකාවට මුදල් අරගෙන පැමිණි ආයෝජකයෙක් පමණයි.
නමුත් අසිත මානගේ මාලිමා ආණ්ඩුවේ දේශපාලන සම්බන්ධතා සහිත, අනුර කරුණාතිලකගේ ගජයෙක්.
එම නිසා අසිත මානගේට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ.
අප මාලිමාවේ යුක්තිය යනු හුදෙක් දේශපාලන අවියක් යැයි කියන්නේ මේකයි.
ඔවුන්ට අපරාධය වැදගත් නැහැ. ඔවුන්ට වැදගත් අපරාධය කළ පුද්ගලයා පමණයි.
අපරාධය කර ඇත්තේ හෝ සියුම් චෝදනාවක් එල්ල වන්නේ සිය දේශපාලන ප්‍රතිවාදියෙකුට නම් මාලිමාව එය දේශපාලන පලිගැනීමක් ලෙස භාවිතා කරනවා.
නමුත් අපරාධකරු තමන්ගේ එකෙකු නම් මාලිමාව යුක්තිය එතැනින් අවසන් කරනවා.
කෝටි තුනකට වැඩි මුදල් හොරකම් කළ අසිත මානගේ ගේ ෆයිල් එක හෙට සම්පූර්ණයෙන්ම වැසී ගියත් මා පුදුමයට පත්වන්නේ නැහැ.
Sachin Rathwatte –
