July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇෆ්ගනිස්තානයෙත් ප්‍රබල භූකම්පනයක්…! ඉන්දියාවත් හෙල්ලෙයි…!

1 min read

ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කලාපය කේන්ද්‍ර කරගනිමින් අද (27) රාත්‍රියේ රික්ටර් මාපකයේ 6.2 ක ප්‍රබලත්වයකින් යුතු ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබේ.

මෙම භූ චලනයේ බලපෑම අසල්වැසි ඉන්දියාවේ නව දිල්ලිය ඇතුළු උතුරු ඉන්දියානු ප්‍රදේශවලට මෙන්ම ජම්මු සහ කාශ්මීරයේ ප්‍රදේශ කිහිපයකට ද දැනී ඇති බව වාර්තා වේ.

මෙම භූමිකම්පාව රාත්‍රී 7:04 ට පමණ සිදුව ඇති අතර, එහි කේන්ද්‍රය පොළොව මතුපිට සිට කිලෝමීටර් 215ක් ගැඹුරින් පිහිටා ඇති බවට ඉන්දීය ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) විශ්වාස කෙරේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x