July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරානයට පැනවූ සම්බාධක දින 60කට අහෝසියි

1 min read

එක්සත් ජනපදය විසින් ඉරානය වෙත පනවා තිබූ සම්බාධක ඊයේ (22) සිට, දින 60ක කාලයකට ඉවත් කෙරේ.

මූලික සාම ගිවිසුමේ පළමු සාකච්ඡා වටය අවසන් වීමෙන් අනතුරුව එම තීරණය ගෙන තිබේ. ලෙබනන ගැටුමද මේ වන විට සාමකාමී අතට හැරෙමින් පවතී.

සාම කතා බහ ආරම්භ වීමට පෙරම, ඉරානය නැවතත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීය. ඉරාන නිලධාරීන් අවනත නොවන්නේ නම්, ඉරානය මිහිපිටින් අතුගා දමන බවට එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කළේය. ඊයේ, ඒ ඔස්සේ නෞකා ගමනාගමනය යළි යථාවත් වනු දක්නට ලැබිණි. ගෝලීය ඉන්දන මිල ක්‍රමිකව පහත වැටෙමින් පවතී.

pt 6

ස්විටස්ර්ලන්තයේ ඇරඹි මූලික වටයේ සාකච්ඡා, යුද්ධය තිරසරව අවසන් කිරීම තෙක්, සාර්ථකව ඉදිරියට රැගෙන යා හැකි බවට අපේක්ෂා කරන බව, එක්සත් ජනපද උප ජනපති, ජේ ඩී වැන්ස් පැවසීය. කෙසේ වෙතත්, ඉරාන න්‍යෂ්ටික වැඩසටන පිලිබඳ සාකච්ඡා ආරම්භ කළ බවට පුවත් ඉරානය ප්‍රතික්ෂේප කළේය.

න්‍යෂ්ටික අවංකත්වය විදහා දක්වනුවස්, ඉරානය අවි පරික්ෂාවට ඉඩ සලසනු ඇතැයි, ජනපති ට්‍රම්ප් ඊයේ සමාජ මාධ්‍ය සටහනක දැක්වීය.

ජනප්‍රිය පුවත්  බස් ගාස්තු සියයට 12කින් ඉහළට..

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x