July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන සාක්ෂි දුන් අයෙකුට රජයෙන් පවුම් 650ක් ගෙවලා…

1 min read

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරයට අදාළව ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේදී සාක්ෂි ලබාදුන් එහි හිටපු නිලධාරියෙකු වන අරුණ ප්‍රනාන්දු නමැත්තාට වියදම් වශයෙන් රජයේ ප්‍රතිපාදනවලින් ස්ටර්ලින් පවුම් 650 ක මුදලක් ගෙවා ඇතැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.

සරෝජා සිරිසේන මහත්මිය ලන්ඩන් මහා කොමසාරිස්වරිය ලෙස කටයුතු කළ වකවානුවේ එහි ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස සේවය කළ මෙකී පුද්ගලයා පසුව කිසිදු දැනුම්දීමකින් තොරව ලන්ඩනයෙන් පිටව ගොස් සිටි බවත්, ලංකාවේ සිට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ සාක්ෂි දීම සඳහා ඔහු බ්ලැක්ෆූල් ප්‍රදේශයේ සිට පැමිණි බවත් එම පක්ෂය පවසයි.

හිටපු ජනාධිපතිවරයාගේ අදාළ සංචාරයේ වියදම් කටයුතු සංවිධානය කර ඇත්තේ ද මෙම අරුණ ප්‍රනාන්දු විසින් වන අතර, ඒ සඳහා ඔහු තමන්ගේ සමීපතමයෙකු වන සායී මුකුන්දන් නැමැත්තාට අයත් ‘ස්කයි වින්ග්’ සමාගමේ සෘජු දායකත්වය ලබාගෙන ඇති බව ද එහි සඳහන් වේ.

මේ අතර මෙම සාක්ෂි එකතු කිරීමේ කටයුත්ත වෙනුවෙන් බ්‍රිතාන්‍ය බලා ගිය රහස් පොලිස් නිලධාරීන් පස්දෙනා වෙනුවෙන් ද රජය විශාල මුදලක් වැය කර ඇති බව පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂය, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒ පිළිබඳ කළ විමසීමට මාස පහක් ගතවීත් බලධාරීන් මෙතෙක් කිසිදු පිළිතුරක් ලබාදී නොමැති බව ද වැඩිදුරටත් චෝදනා කරයි.

ජනප්‍රිය පුවත්  රාජ්‍ය බැංකු දෙකකට ආණ්ඩුව කරන්න හදන වැඩේ

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x