අමෙරිකානු – ඉරාන සාම ගිවිසුම අත්සන් කිරීමේ දිනය ගැන ගැටලුවක්
1 min read
යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඉරානය අතර යෝජිත සාම ගිවිසුමට අත්සන් තබන දිනය පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.
අද (14) දිනයේ අදාළ ගිවිසුමට අත්සන් තැබීම සිදුවන බවට අමෙරිකාව මෙන්ම ඉරානය හා අමෙරිකාව අතර සාකච්ඡාවල මැදිහත්කරුවෙකු වූ පාකිස්ථානය විසින් ද ප්‍රකාශ කර තිබූ නමුත් ඉරානය විසින් ඒ පිළිබඳ තහවුරු කිරීමක් සිදු නොකිරීම ඊට හේතු වී ඇති බව සඳහන්.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 80 වන උපන් දිනය යෙදී ඇති අද දිනයේ ඉරානය සහ අමෙරිකාව අතර සාම ගිවිසුමට අත්සන් තැබීම සිදුවනු ඇති බවට ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර තිබුණි.
අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡාවල මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශේබාස් ශරීෆ් ද ඊයේ සඳහන් කර තිබුණේ සාම ගිවිසුම සකස් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බැවින් ඊට අත්සන් තැබීම අද දිනයේ සිදුවනු ඇති බවය.
කෙසේවෙතත් අද දිනයේ සාම ගිවිසුමට අත්සන් තැබීම සිදු නොවන අතර එය ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇති බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ඉස්මයිල් බගායි ප්‍රකාශ කර ඇත.
අමෙරිකාව සමඟ ගිවිසුමකට එළඹීමේ සූදානම සම්බන්ධයෙන් ඉරාන දැඩි මතධාරීන් විසින් ඉරාන රජයට අප්‍රසාදය පළ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
