රන් ඇපකර මත ලබාදෙන ණය සඳහාත් උපරිම ණය අනුපාතයක් !
1 min read
රන් ඇපකරයක් මගින් සුරක්ෂිත කරනු ලබන ණය සඳහා වටිනාකම මත උපරිම ණය අනුපාතයක් හඳුන්වාදීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.
ඒ අනුව, අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බලපත්‍ර ලාභී වාණිජ්‍ය බැංකු, විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් මගින් රන් භාන්ඩ ඇපයට තබා ලබා දෙන ණය පහසුකම්, එම රන් භාණ්ඩවල වටිනාකමින් 70%ක උපරිම සීමාවකට යටත් වන බවයි ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කර ඇත්තේ.

