October 23, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පුද්ගලික සමාගම් ඉන්ධන බෙදාහැරීම තවදුරටත් සීමා කරයි

1 min read

මෙරට ඉන්ධන බෙදාහරින පුද්ගලික සමාගම්වල ඉල්ලීම් සම්බන්ධයෙන් පිළිගත හැකි සාධාරණ විසඳුමක් තවමත් බලශක්ති අමාත්‍යාංශයෙන් ලබාදී නොමැති බැවින් තවදුරටත් එම සමාගම් ඉන්ධන බෙදාහැරිම සීමා කර තිබෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි

මේ හේතුවෙන් දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ [ 18 වැනිදා ] දිනයේ ද ඉන්ධන ලබාගනිම සඳහා පෝලිම් දක්නට ලැබිණි. මෙරට දිස්ත්‍රික්ක ගණනාවක ඩීසල් සහ පෙට්‍රල් හිඟයක් තිබුණු අතර ඇතැම් පිරවුම්හල් ඉන්ධන නොමැති බව සඳහන් කර නාමපුවරුද ප්‍රදර්ශනය කර තිබිණි.

මේ වන විට වැඩි වශයෙන් ඉන්ධන නිකුත් කිරීම සිදුකරනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් බව බෙදුම්කරුවෝ පෙන්වා දෙති.

ඉන්ධන බෙදාහරින පුද්ගලික සමාගම් අතරින් අවම වශයෙන් ඉන්ධන නිකුත් කරනු ලබන්නේ සිනොපෙක් සමගම බවත් එම පිරවුම්හල්වලින් අතිශය බහුතරයක් වසා තිබෙන බවත් බෙඳුම්කරුවෝ පෙන්වා දෙති.

ඔවුන් පෙන්වා දෙන්නේ රට තුළ අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන සංචිත තිබුණ ද ඉන්ධන නිකුත් කිරීමේ ගැටලු හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්ව තිබෙන බවය.

මේ අතර පුද්ගලික ඉන්ධන සමාගම් අවධාරණය කර සිටින්නේ ඔවුන්ට වර්ථමාන මිලට ඉන්ධන නිකුත් කිරීමෙන් පාඩු සිදුවන බැවින් ඉන්ධන නිකුත් කිරීම සිමා කර තිබෙන බවයි.

ජනප්‍රිය පුවත්  සුරේෂ් සලේගේ බිරිඳගෙන් ශානි අබේසේකරට ලිපි දෙකක්

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පවතින ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කළද කිසිදු විසඳුමක් ලබාදී නොමැති බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x