සෞඛ්‍ය ඇමතිත් ඉන්නෙ බයෙන්!
1 min read
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද පැලවත්තෙන් පත්කර ඇති තම පෞද්ගලික කාර්යමණ්ඩලය හා ආරක්ෂකයන් හේතුකොට ගෙන බලවත් පීඩාවට පත්ව සිටිතැයි වාර්තා වේ.
මේ හේතුව මත ඔහු ඇතැම් පුද්ගලයන් හමුවීම සඳහා ලබා දෙන්නේ රාත්‍රී 11 ඉක්මවූ වේලාවන්ය. ඒ, ඒ වනවිට අමාත්‍ය කාර්ය මණ්ඩලයේ සිටින පැලවත්තේ ඔත්තුකාරයින් තම වාසස්ථාන වෙත පිටත්ව ගොස් තිබෙන නිසාය.
නලින්ද ජයතිස්ස ඔහු හා සමීපව ඇසුරු කරන කිහිපදෙනෙකු සමගම පවසා ඇත්තේ තමන් ජනාධිපතිවරයාගේ පිළේ යයි පැවසූ නිසා පැලවත්තේ ටිල්වීන්ගේ මැදිහත්වීමෙන් තම කාර්යමණ්ඩලයට යොදවා ඇති පිරිස් තම සියලු කාර්යන් නිරීක්ෂණය කර දෛනිකව පැලවත්තට වාර්තා කරනු ලබන බවයි. මේ තත්ත්වය තමන්ට මහත් හිසරදයක් බවට පත්ව තිබෙන බවත් අමාත්‍යංශය තුළ කවුරු මුණගැසුනත් මේ කාර්යමණ්ඩලයේ කුමන හෝ කෙනෙකු ඒ ගැන අවධානයෙන් පසුවන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානියකු සෞඛ්‍ය ඇමතිවරයා අමතා හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටි අවස්ථාවේදී ද නලින්ද ජයතිස්ස පවසා ඇත්තේ රෑ 11.30ට පමණ පැමිණෙන ලෙසය. එසේ හමුවූනොත් පමණක් බියෙන් තොරව සාකච්ඡා කළ හැකි බවය. වැඩිදුර කරුණු විමසීමේදී අමාත්‍යවරයා කියා ඇත්තේ ටිල්වින්ගේ කට්ටිය ඔත්තු බලනවා කියාය.
රවි දිසානායක
