July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ජූලි මස 31 පෙර පවත්වන්න… නැත්නම් Blacklist…

1 min read

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය එළඹෙන ජූලි මස 31 වැනිදා හෝ ඊට පෙර පවත්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව ඩේලි මිරර් වාර්තා කර තිබේ.

එම කාලසීමාව තුළ දේශීය බලධාරීන් නිලවරණය පැවැත්වීමට අපොහොසත් වුවහොත්, ශ්‍රී ලංකාවට නැවත වතාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ Blacklist ඇතුළත් වීමේ දැඩි අවදානමක් පවතින බවද එම වාර්තාවේ සදහන් කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ශා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය වී තිබේ. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය දේශපාලනීකරණය වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අප්‍රසාදය පළ කර ඇති සභාපතිවරයා, නියමිත දිනට පෙර නිලවරණය පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන බව සඳහන්.

2023 වසරේදී ද දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ICC ය පියවර ගත් අතර, මෙවරද නිලවරණය ප්‍රමාද වුවහොත් එවැනිම තහනමකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බවද එම වාර්තාව මඟින් වැඩිදුරටත් දක්වා තිබේ.

ජනප්‍රිය පුවත්  රටින් පිටවෙන්න කළින් ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් සත්‍යන්ජල් පාණ්ඩේ, ටිල්වින් සිල්වා හමුවෙන්න ගිහින්..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x