June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වෙනිසියුලාවට එරෙහි ඇමෙරිකාවේ ආක්‍රමණශීලි රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාව කියුබාව හෙළිදකියි!

1 min read

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ අල්ලා ගැනීමේ අමෙරිකානු හමුදා මෙහෙයුමේදී කියුබානු පුරවැසියන් 32 නෙකු ජීවිතක්ෂයට පත්වූ බව කියුබානු රජය පවසා තිබේ.

ඒ අනුව මෙම සිදුවීමට ශෝකය පළ කරමින් කියුබාව තුළ අද සහ හෙට දිනයේදී ජාතික ශෝක දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇති බවත් සඳහන් වේ.

අමෙරිකාවේ මෙම මෙහෙයුම සම්බන්ධව අදහස් දක්වා ඇති කියුබාව මෙම මෙහෙයුම දැඩිව විවේචනය කර තිබේ.

කියුබානු රජය චෝදනා කර ඇත්තේ මෙම ක්‍රියාව ආක්‍රමණශීලි සහ රාජ්‍ය ත්‍රස්තවාදයේ අපරාධකාරී ක්‍රියාවක් ලෙස තමන් දකින බවය.

මේ අතර අමෙරිකානු ආධිපත්‍ය නැවත ස්ථාපිත කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ඊළඟ ඉලක්කය කියුබාව විය හැකි බවටද අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඉඟි පළ කළේය.

රුබියෝ සඳහන් කර ඇත්තේ වෙනිසියුලාව සහ කියුබාව සම්බන්ධව කලක සිට අවධානයෙන් සිටි බවය.

ඒ අනුව එක රැයකින් වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගැනීමෙන් පසු තමා කියුබානු රජයේ නිලධාරියෙකු නම් ඒ පිළිබඳව තරමක් විමතියට පත් වන බවත් ඔහු සඳහන් කර ඇත.

ජනප්‍රිය පුවත්  ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16ට අඩු දරුවන්ට ස්නැප්චැට් තහනමක්!

අමෙරිකාවට එරෙහිව කටයුතු කළ කියුබාවේ හිටපු ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝ බලයෙන් පහ කිරීමට උත්සාහ කිරීම ඇතුළු ලතින් අමෙරිකාවේ මිලිටරි මැදිහත් වීම් රැසක් පිළිබඳව දිගු ඉතිහාසයක් ඇති අමෙරිකාවේ නවතම මැදිහත් වීම් සම්බන්ධව මේ වන විට ලොව පුරා රටවල් රැසක අවධානය ද යොමුව ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x