July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විමල් වීරවංශගේ නඩුව සැප්තැම්බර් දක්වා කල් යයි

1 min read

2016 වසරේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුලු සැකකරුවන් 06දෙනෙකුට එරෙහිව ගොනු ඇති නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 21වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුකරය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සැකාකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ විමල් වීරවංශ මහතා අසනීප තත්ත්වයකින් පසුවන වන බවත් ඊට අදාළ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවත් ය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුකරය සැප්තැම්බර් 21 වනදා විභාගය සඳහා කැඳවන ලෙස නියම කළේය.

2016 පෙබරවාරි 6වනදා එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණයක නිරත විම තුළින් මහජන පීඩාවක් සිදුකළ බවට චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

ජනප්‍රිය පුවත්  පොදු සමාව නිර්දේශ වූ සිරකරුවන්ට තවදුරටත් හිරේම ඉන්න වෙයි…!

ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන සැකකරුවන්ට ද එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x