October 24, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රක්ෂිත බන්ධනාගාර ගත නාමල්ට මහින්දගෙන් සංවේදී ලිපියක්

1 min read

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත ඔහුගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.

2010 වසරේදී නාමල් රාජපක්ෂ දේශපාලනයට පිවිසීමට අවසර ඉල්ලා සිටි අවස්ථාවේදී, “දේශපාලනයට එනවා නම් හිරේ යන්න වගේම දුක් විඳින්න බලාගෙන එන්න” යැයි තමන් දුන් අවවාදය සිහිපත් කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම ලිපිය ආරම්භ කර ඇ..

තමන් දේශපාලනයට පැමිණි මුල් කාලයේදී එදා පැවති ආණ්ඩුව මගින් පදනම් විරහිත චෝදනාවක් මත තමන්ව ද බන්ධනාගාරගත කළ බවත්, එදා මෙන්ම අදත් අධිකරණය කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසත් ඔහු නාමල් රාජපක්ෂට මෙහිදී සිහිපත්කර සිටී.

හිටපු ජනපති යැවූ ලිපියේ සඳහන් වූයේ මෙවැන්නක්.

ආදරණීය නාමල්!

ඔබ දේශපාලනයට පිවිසීම අදහස් කළ වර්ෂ 2010 දී ඊට මගෙන් අවසර පැතුවා මතක ඇති. ඒ අවස්ථාවේ මම ඔබට දුන් අවවාදය ද මතක ඇතැයි සිතමි. කැමති නම් දේශපාලනයට එන්න. හැබැයි හිරේ යන්න වගේම දුක් විඳින්න බලාගෙන එන්න. ඒකට මට කමක් නෑ.

ජනප්‍රිය පුවත්  විනිසුරු වයස වැඩි කිරීමේ යෝජනාවට මහ නාහිමිවරු අශිර්වාද කළා.. - නි. ඇමති

මම එලෙස කීවේ මා දේශපාලනයට පිවිසි ටික කලකින් එදා පැවති ආණ්ඩුව විසින් පදනම් විරහිත චෝදනාවක් දමා මා බන්ධනාගාරගත කළ නිසාය. ඒ වන විට ඔබ ඉපදී නැත. එදා මගේ එකම විශ්වාසය තිබුණේ අධිකරණය ගැන පමණයි. කවුරුන් කුමක් කිව්වද ඔබත් අධිකරණය ගැන පමණක් විශ්වාසය තබන්න.

දෛවෝපගත ලෙස අම්මාත් මමත් මේ දිනවල ඔබ ද උපන් නවලෝක රෝහලේ රෝහල්ගත වී සිටිමු. ඔබේ සහෝදරයන් වන යෝෂිත සහ රෝහිත අපේ සුවදුක් විමසා බලයි. යෝෂිතට එක් නඩුවක් වැටී ඇත්තේ ඔවුන් නාවික හමුදාවේ රැකියාවට යෑම නිසාය. එකල අපි රැකියා ලබා දුන් දහස් ගණන් තරුණයන් අතර මේ ආණ්ඩුවේ උදවියගේ තරුණ දරුවන්ද සිටි වග ඔබට ද මතක ඇතැයි සිතමි. එහෙත් ඔබලාට බලය ඇති කිසිම අවස්ථාවක ඒ අය පසුපස යන්න එපා.

මාගේ මතය දෙමව්පියන් කරන දේට දරුවන් පලි නැති බවයි. පලි නොගැනීම රාජපක්ෂවරුන්ගේ ක්‍රමයයි. සම්ප්‍රදායයි.

මේ රටේ දුක් විඳින ලක්ෂ සංඛ්‍යාත ජනතාවට රට නිදහස් කර දීමේ වරදට රාජපක්ෂවරුන් මේ සමාජය වැරදිකරුවන් කරන්නේ නැත. අප ඡන්දයෙන් පරාජය කරන ලද නමුත් රටේ ජනතාව කළගුණ සලකන සමාජයක් බව සිතා කටයුතු කරන්න.

ජනප්‍රිය පුවත්  පොලිස්පති මැරුණාද..? මැරුවාද..? ආණ්ඩුවෙන් තක්කෙටම කියන්නේ කොහොමද..? - ගම්මන්පිලගෙන් අනාවරණයක්

ඔබට තෙරුවන් සරණයි!”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x