September 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යකඩ අශ්‍රිත අමුද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවක් බෙංගාල බොක්කේ ගිලී යයි- 22 දෙන්නෙක් තවමත් අතුරුදන්…!

1 min read

පැනමා ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සෙනසුරාදා බෙංගාල බොක්කේදී ගිලී ගොස් ඇති බව ඉන්දීය බලධාරීන් තහවුරු කර තිබේ. ‘MV Ocean-Winner’ නමැති මෙම නෞකාව ඔඩිෂා ප්‍රාන්තයේ පැරදිප් වෙරළේ සිට නාවික සැතපුම් 240ක් පමණ දුරින් ගිලී ඇති බව සඳහන් වේ.

නෞකාව අගෝස්තු 21 වැනිදා ඔඩිෂා වෙරළෙන් පිටත්ව සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් සිටි අතර, එහි යකඩ ලෝපස් ටොන් 1,700ක් පමණ ප්‍රවාහනය කරමින් තිබී ඇත.

නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු සිට ඇති අතර, ඉන් 20 දෙනෙකු චීන ජාතිකයන්, තිදෙනෙකු මියන්මාර ජාතිකයන් සහ එක් අයෙකු බංග්ලාදේශ ජාතිකයෙකු බව ජ්‍යෙෂ්ඨ IPS නිලධාරියෙකු සඳහන් කළේය.

මේ වනවිට කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර, අතුරුදන්ව සිටින අනෙක් සාමාජිකයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. ආපදා ඇමතුම ලැබීමෙන් පසු ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සහ ඉන්දීය නාවික හමුදාව ඒකාබද්ධ ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙහෙයුමට සහාය වන ලෙස ප්‍රදේශයේ යාත්‍රා කරන අනෙකුත් නෞකාවලටද දැනුම් දී ඇත. ගලවා ගැනීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා අන්දමන් ප්‍රදේශයෙන් අමතර බෝට්ටු යොදවා ඇති බවද නිලධාරීන් පවසයි.

ජනප්‍රිය පුවත්  ඉන්ධන මිල ගැන ආණ්ඩුවේ තීරණය මෙන්න….!

අතුරුදන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමටද උත්සාහ කරමින් සිටී.

නෞකාව ගිලී යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙමින් පවතී. සිද්ධිය සම්බන්ධයෙන් පැරදිප් වරාය හෝ ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x