මාතර සමූපකාර රෝහලේ සභාපති ට පිහියෙන් ඇනලා….!
1 min read
මාතර, කැකනදුර ප්‍රදේශයේදී සිදු වූ පිහි ඇනුමකින් තුවාල ලැබූ මාතර දිස්ත්‍රික් සමූපකාර ආරෝග්‍ය ශාලා සමිතියේ සභාපති ඒ. ඒ. ඩී. අමින්ද මහතා මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව මූලස්ථාන පොලිසිය වාර්තා කරයි.
මෙම ප්‍රහාරය නේවගේවත්ත ප්‍රදේශයේදී හඳුනානොගත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් එල්ල කර තිබේ.
සභාපතිවරයා සතු මෝටර් රථයක් විකිණීමට ඇති බව දැනගෙන, එය මිලදී ගැනීමේ අදහසින් පරීක්ෂා කිරීමට පැමිණි දෙදෙනෙකු විසින් මෙම දරුණු ප්‍රහාරය එල්ල කර ඇති බව මූලික තොරතුරුවලින් හෙළි වී ඇත.
කෙසේ වෙතත්, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තුවාල ලබා සිටින සභාපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවන බවයි.
මෙම අපරාධය මෙහෙයවූ සැකකරුවන් කවුරුන් ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශය මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.
