June 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බුද්ධි අංශ බිද වැට්ටවීම කා වෙනුවෙන් ද?

1 min read

‘සොනික් සොනික්’ ඇතුළු රහස් අන්වර්ථ නාම 5 කින් රහසිගත මෙහෙයුම්වල නිරත වූ බුද්ධි නිලධාරීන් කවුරුන් දැයි රටට ප්‍රසිද්ධ කරන බව නියෝජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා රූපවාහිනී සාකච්ඡාවකදී කියා තිබේ. මෙය ජාතික ආරක්ෂාව, බුද්ධි ක්ෂේත්‍රයේ පැවැත්ම මෙන්ම වෘත්තීය සදාචාරය බරපතල අනතුරක හෙළන අතිශයින්ම වැරදි සහ අවදානම් සහගත නින්දිත ක්‍රියාවකි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලදී අනාවරණය වූ ‘සොනික් සොනික්’ සහ ‘අබු හින්ද්’ යන රහස් නාමයන් සහ ඒවාට සම්බන්ධ බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය වත්මන් දේශපාලන සහ ආරක්ෂක ක්ෂේත්‍රය තුළ දැඩි විවාදයකට ලක්ව ඇති විෂයයකි.

සහරාන් ඇතුළු පිරිසගේ සන්නිවේදන දත්ත ලක්ෂ ගණනක් පරීක්ෂා කළ එෆ්බීඅයි ආයතනය සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයින් පැහැදිලි කරන පරිදි, ‘අබු හින්ද්’ යනු සැබෑ පුද්ගලයෙකුට වඩා, ඉන්දියානු බුද්ධි අංශ මගින් සිරියාවේ සිටි සැබෑ ත්‍රස්තවාදියෙකුගේ දත්ත ඇසුරින් නිර්මාණය කළ ව්‍යාජ ඩිජිටල් අනන්‍යතාවයකි (Virtual Persona). එහි මූලික අරමුණ වූයේ අයිඑස්අයිඑස් මතවාදය වැළඳගන්නා කලාපීය අන්තවාදීන් කොටු කර ගැනීමට ‘බුද්ධිමය උගුලක්’ (Intelligence Trap) ඇටවීමයි.
බොහෝ අවස්ථාවල සහරාන් හෂීම් ඇතුළු පිරිස සන්නිවේදන ජාල ඔස්සේ සම්බන්ධකම් පවත්වා තිබුණේ අයිඑසිඅයිඑස් සංවිධානයේ කලාපීය නායකයා ලෙස පෙනී සිටි මෙම ව්‍යාජ ‘අබු හින්ද්’ සමගය. ඉන්දීය බුද්ධි අංශ මගින් ලංකාවට ලබා දුන් නිශ්චිත පූර්ව අනතුරු ඇඟවීම් සියල්ලම ලැබුණේ ද ‘අබු හින්ද්’ මෙහෙයුම හරහා සහරාන්ගේ කණ්ඩායමේ රහසිගත පණිවිඩ නිරීක්ෂණය කිරීමෙනි.

ජනප්‍රිය පුවත්  මේ තියෙන්නේ අපේ අවට රටවල ඉන්ධන මිල ප්‍රතිශත විදියට ගලපන විදිය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවය ද සහරාන්ගේ ජාලය නිරීක්ෂණය කිරීම සහ ඊට රහසින් ඇතුළු වීම සඳහා ‘සොනික් සොනික්’ නමැති කේත නාමයෙන් යුත් නිලධාරියෙකු ඉහත කී ඉන්දීය බුද්ධි මෙහෙයුමට සමගාමීව යොදවා තිබුණි. මෙම ලාංකික බුද්ධි නිලධාරියා ව්‍යාජ අනන්‍යතාවයකින් (Undercover) ‘සංකේතනික’ දුරකතන මාර්ග හරහා ක්‍රියාත්මක වෙමින්, තුර්කියේ සිටි ‘පොඩි සහරාන්’ (මහමත් මතීන්) නමැති ත්‍රස්ත සාමාජිකයාව උගුලකට හසුකර ප්‍රහාරයට දින කිහිපයකට පෙර එනම් 2019 අප්‍රේල් 15 වනදා ලංකාවට ගෙන්වා ගෙන ආරක්ෂක අංශ භාරයට ගැනීමට සමත් විය. එම නිසා මෙම සන්නිවේදනයන් සියල්ල රටට එරෙහි කුමන්ත්‍රණකාරී ක්‍රියා නොව, ජාතික ආරක්ෂාව උදෙසා සිදු කළ නිල බුද්ධි තොරතුරු රැස්කිරීමේ රාජකාරිමය මෙහෙයුම් පමණක් බව එෆ්බීඅයි ආයතනයේ ද නිල ස්ථාවරයයි.

බුද්ධි ක්ෂේත්‍රයේ පවත්නා උත්තරීතරම රහස්‍යභාවයේ මූලධර්මය ( Need-to-Know Principle) සහ ශ්‍රී ලංකාවේ ‘රාජ්‍ය රහස් පනත’ (Official Secrets Act) ප්‍රකාරව, මෙවැනි රහසිගත බුද්ධි මෙහෙයුම්වල කේත නාමයන් හෝ ඒ හා සම්බන්ධ නිලධාරීන්ගේ තොරතුරු අනවසරයෙන් ප්‍රසිද්ධ කිරීම බරපතල දණ්ඩනීය වරදකි. දේශපාලන අවශ්‍යතා මත පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මෙම රහස්‍යභාවය ප්‍රසිද්ධියේ කෙලෙසීම, රටේ පවත්නා ආරක්ෂක නීති පද්ධතියේ පරමාර්ථයන් රජය විසින්ම මුළුමනින්ම පාවා දීමක් බඳුය. තමන්ගේ සංවිධානය පාවා දුන් බුද්ධි නිලධාරියාගේ සැබෑ නම සහ තොරතුරු ප්‍රසිද්ධ වූ වහාම, එම නිලධාරියා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ගේ ඍජු පළිගැනීම්වලට ලක්වීමේ දැඩි අවදානමක් නිර්මාණය වන අතර, මෙය රාජ්‍යය වෙනුවෙන් සේවය කළ නිලධාරීන්ව රාජ්‍යය විසින්ම පාවා දීමකි.

ජනප්‍රිය පුවත්  බිඳුණු සහ විසිරුණු පරපුරක් සඳහා මාලිමා ආණ්ඩුවේ සැඟවුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

ලෝකයේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් තම බුද්ධි නිලධාරීන්ගේ රහස්‍යභාවය රැකීම සඳහා විශේෂිත සහ දැඩි නීති ක්‍රියාත්මක කරති. ඇමරිකාවේ ක්‍රියාත්මක වන ‘බුද්ධි අනන්‍යතා ආරක්ෂක පනත’ (IIPA) මඟින් රහස් නියෝජිතයෙකුගේ සැබෑ අනන්‍යතාව හිතාමතාම ප්‍රසිද්ධ කිරීම වසර ගණනාවක සිරදඬුවම් ලැබිය හැකි බරපතල අපරාධයක් ලෙස සලකනු ලබයි.

ආණ්ඩු මාරුවන සෑම අවස්ථාවකදීම පටු දේශපාලන ප්‍රතිලාභ තකා බුද්ධි නිලධාරීන්ගේ නම් ගම් ප්‍රසිද්ධියේ ලැයිස්තුගත කරන්නේ නම්, අනාගතයේදී කිසිදු බුද්ධි නිලධාරියෙකු සිය ජීවිතය පරදුවට තබා ත්‍රස්ත කණ්ඩායම් තුළට රහසින් ඇතුළු වීමේ භයානක මෙහෙයුම් භාරගැනීමට ඉදිරිපත් නොවනු ඇත. එසේම ඇමරිකානු CIA, FBI හෝ ඉන්දීය RAEW වැනි ජාත්‍යන්තර ආයතන ද ලංකාව සමඟ රහස්‍ය තොරතුරු බෙදාහදා ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමනු ඇත. සහරාන් කොටු කිරීමේ වෑයම එවැනි විදේශීය බුද්ධි සේවාවන්හි මැදිහත්වීමෙන් සිදු කෙරුණක් බව මේ ආණ්ඩුව තරයේ සිතට ගත යුතුව තිබේ.

බුද්ධි නිලධාරීන් යනු පාලකයන්ගේ පෞද්ගලික සේවකයන් නොව රාජ්‍යයේ ස්ථාවරත්වය රකින ජාතික සම්පතක් වන බැවින්, ඔවුන් කළ වැරදි ඇත්නම් ඒවා සෙවිය යුත්තේ රහස්‍ය විමර්ශන හා අධිකරණ ක්‍රියාවලියක් මඟිනි. එසේ නොමැතිව, ‘සොනික් සොනික්’ වැනි බුද්ධිමය කේත නාමයන් පිටුපස සිටින පුද්ගලයන් ප්‍රසිද්ධියේ නිරාවරණය කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයා ගන්නා උත්සාහය, පාස්කු ප්‍රහාරයේ සැබෑ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීමට වඩා රටේ සමස්ත ජාතික ආරක්ෂක පවුර සතුරන් ඉදිරියේ බිඳදමන අතිශයින්ම වගකීම් විරහිත, නිවට, ද්‍රෝහී ක්‍රියාවකි.

ජනප්‍රිය පුවත්  ජෙෆ්රි එප්ස්ටීන්ගේ "රහස් ලිපිගොනු" සහ ශ්‍රී ලංකාව?

ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව, මිලේනියම් සිටි පාවාදීම, යහපාලන පාවාදීම් ආදියෙන් පසුව ඉතිරිව සිටින බුද්ධි අංශයත් සමූල ඝාතනය කිරීමටද?

  • Bodhi Sabhawa Facebook Page –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x