දේවගැති C.J. ගෙන් මහාධිකරණ විනිසුරන්ට නියෝගයක් !
1 min read
පසුගිය සිකුරාදා (26) පස්වරුවේ දී මහාධිකරණ විනිසුරවන් කැඳවා ඇති අගවිනිසුරු, දේවගැති ප්රීති පද්මන් සුරසේන මහාධිකරණයේ විභාගයට ගැනෙමින් තිබෙන නඩු විභාග පිළිබඳව සාකච්ඡා කර තිබේ.
එහිදී තමන් හමුවේ විභාග වන විවද නඩු පිළිබඳව මහාධිකරණ විනිසුරන් දේවගැති අගවිනිසුරුවරයා හමුවේ පැහැදිලි කර ඇත. එහිදී දේවගැති, අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, සෙසු නඩු විභාග කුමක් වුවත්, දේශපාලඥයන් හා ඊට සම්බන්ධ පුද්ගලයන්ට අදාළ නඩු ඉතා වැදගත් බවත්, ඒවා ඉක්මනින් විභාග කර, කරුණු කෙසේ වෙතත්, ඒ පුද්ගලයන්ට එරෙහිව තීන්දු දීම ආණ්ඩුවේ අවශ්යතාවය බවත් පැහැදිලි කර තිබේ.
එම අවශ්යතා ඉටුකිරීමෙන් මහාධිකරණ විනිසුරන්ගේ උසස්වීම් පිළිබඳ බලාපොරොත්තුව තීරණය වනු ඇති බව ද වක්රාකාරයෙන් ඔහු පවසා ඇත.
ඒ අනුව, මහාධිකරණ විනිසුරන් තම උසස්වීම ලබාගැනීමේ අදහසින් යුක්තිය පසඳලීම වෙනුවට, උසස්වීම පසඳලීම වෙනුවෙන් තීරණ දෙන තත්වයකට මේ වන විට පත්ව ඇතැයි, එම ආරංචි මාර්ග අණාවරණය කරයි.
- තිලකා සමරසිංහ –
