July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තවත් අවුරුදු 20ක් 25ක් රට පාලනය කරන්නැයි ජනතාව අපෙන් ඉල්ලනවා..- මාලිමා මන්ත්‍රී

1 min read

වත්මන් රජයේ වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව තුළ ඉහළ විශ්වාසයක් පවතින බවත්, මෙම පාලනය තවත් වසර 20ක් හෝ 25ක් අඛණ්ඩව ඉදිරියට යා යුතු බව ජනතාව පවසන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, මීට පෙර පැවති “හොඳටම අමාරුයි” වැනි සටන් පාඨ දැන් ජනතාව අතරින් ඉවත්ව ගොස් ඇති බවයි. ජනතාව දැන් මැසිවිලි නොනගන බවත්, ඔවුන් රජයේ සහනදායී වැඩපිළිවෙළ පිළිබඳව සතුටින් පසුවන බවත් ඔහු අවධාරණය කළේය.

“ජනතාවගෙන් අපට ලැබෙන ප්‍රතිචාර දෙස බැලූ විට පෙනී යන්නේ ඔවුන්ට මේ ආණ්ඩුව තවත් වසර 20ක් 25ක් අවශ්‍ය බවයි. මිනිස්සු දැන් කඳුළු සලන්නේ නැහැ, මැසිවිලි නගන්නේ නැහැ. මේ ආණ්ඩුව ජනතාවට සහන දිය හැකි පළමු පැයේ සිටම ඒ වෙනුවෙන් කැපවී සිටිනවා,” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම ගොවි ජනතාව පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ගොවීන් තමන් “රජවරුන්” ලෙස සිතන මානසිකත්වයක පසුවීම ඉතා යහපත් බවයි. අතීතයේ ඇතැම් කණ්ඩායම් විසින් එම ගෞරවය ගොවීන්ගෙන් උදුරාගෙන තිබූ බවත්, වත්මන් රජය යටතේ ගොවියාට හිමි නිසි ගෞරවය ලබාදීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  බස් ගාස්තු ඉහළ දැමීමේ සූදානමක්….!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x