July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කඩුවෙල කුණු කඩිනමින් ඉවත් කරන බවට රන්ජන් ජයලාල් කියයි

1 min read

කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශවල මාර්ග අසල ගොඩගැසී ඇති කැළි කසළ ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, කසළ රැගෙන යාම සඳහා සති තුනක පමණ කාලයකින් කඩුවෙල මහ නගර සභාවෙන් නොපැමිණි බවට ප්‍රදේශවාසීන් සිදු කරන චෝදනාවලට පිළිතුරු ලබාදෙමිනි.

මේ අතර ඩෙංගු මෙතරම් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන තත්ත්වයක් තුළ ප්‍රදේශ රැසක කසළ කළමනාකරණ ක්‍රියාවලිය අඩාළ වීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට ලක්ව සිටිති.

කොළඹ වැනි ඩෙංගු අධි ව්‍යාප්තියක් සහිත ප්‍රදේශවල මෙම තත්ත්වය දැඩිව පැවතීම ජනතාව මුහුණදෙන බරපතළ ගැටලුවකි.

ඩෙංගු රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තිය අතරතුර සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සිය පරිසරය පිරිසිදුව තබාගන්නා ලෙසටය.

කසළ එක්රැස්වන සහ ජලය රැඳෙන ස්ථාන විනාශ කරන ලෙසත් ඔවුන් නිරන්තරයෙන් ජනතාවට දැනුම් දෙනු ලබයි.

සිය ගෙවත්ත, පිවිසුම් මාර්ග පිරිසිදු කරගැනීම ජනතාවට කළ හැකි නමුත් මහා පරිමාණයෙන් රැස්වන කසළ කළමනාකරණය කළ හැක්කේ අදාළ පළාත් පාලන ආයතනවලටය.

මෙවන් පසුබිමක ඩෙංගු අධික ලෙස පැතිරී තිබෙන කොළඹ දිස්ත්‍රික්කය තුළ කසළ කළමනාකරණ ක්‍රියාවලිය අඩපණවී තිබීම අතිශය අවදානම් කරුණකි.

ජනප්‍රිය පුවත්  මහවැලි පහළ නිම්නයේ අධි ගංවතුර අවදානමක්

වැසි සහිත කාලගුණය සමඟ ඇතැම් ස්ථානවල කැළි කසළ වැසි ජලය සමඟ මිශ්‍ර වෙමින් පවතී.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x