July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමරිකාවෙන් ඉරානයට යලි ප්‍රහාර

1 min read

හෝමුස් සමුද්‍ර සන්ධියේදී (Strait of Hormuz) කටාර් රාජ්‍යයට අයත් LNG ප්‍රවාහන නෞකාවක් සහ සෞදි අරාබියට අයත් බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ඇතුළු වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලින් පසු මැදපෙරදිග කලාපයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

මීට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු මධ්‍යම විධානය (CENTCOM) විසින් දකුණු ඉරානයේ සිරික් (Sirik), බන්ඩර් අබ්බාස් (Bandar Abbas) සහ කේෂ්ම් (Qeshm) දූපත අවට පිහිටි ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති, වෙරළබඩ නිරීක්ෂණ මධ්‍යස්ථාන, සහ මිසයිල හා ඩ්‍රෝන දියත් කිරීමේ කඳවුරු ඉලක්ක කර ගනිමින් අද (8) අලුයම දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.

මෙම හමුදා ක්‍රියාමාර්ගයට සමගාමීව, පසුගිය ජුනි මාසයේ දෙපාර්ශවය අතර ඇති කරගත් තාවකාලික සටන් විරාම ගිවිසුම යටතේ ඉරානයට ජාත්‍යන්තර වෙළඳපොළට තෙල් අලෙවි කිරීමට ලබා දී තිබූ විශේෂ බලපත්‍රය ද ඇමරිකානු භාණ්ඩාගාරය විසින් වහාම අවලංගු කර තිබේ. ඒ අනුව ඉරාන තෙල් අපනයන ගනුදෙනු සියල්ල නතර කිරීම සඳහා ජූලි 17 දක්වා සහන කාලයක්ද ලබා දී ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x