October 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුව ආපු ගමන් අපිව එලවලා දැම්මා.. සිංහල අපිට තමයි කිසිදෙයක් කරන්න බැරි.. – මඩකලපුවේ සිංහල ගොවීන්ගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා.

1 min read

උතුර සහ නැගෙනහිර පළාත්වල සිංහල ගොවි ජනතාවට මේ වන විට සිදුව ඇති අසාධාරණයන් සම්බන්ධයෙන් කරුණු දක්වමින් මඩකලපුවේ සිංහල ගොවින් පිරිසක් දක්වන අදහස් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

එහිදී එම ගොවි ජනතාව පවසන්නේ තමන්ගේ වගා ඉඩම් මේ වන විට තමන්ට අහිමි වෙමින් පවතින බවත්, එක් ජනවර්ගයක් වෙනුවෙන් පමණක් සිතා ආණ්ඩුව විසින් ගනු ලබන තීරණ මගින් එම පළාත්වල සිංහල ජනතාව දැඩි අසාධාරණකම් සිදුවන බවත් ය.

එලෙසම තමන්ට දෙමළ ගම්මානවලට යාමට තහනම් වී ඇති බවත්, එහෙත් දෙමළ ජනතාවට සිංහල ගම්මානවලට යාමට කිසිඳු බාධාවක් නැති බවත් ඔවුහු පවසති.

මේ පළාතේ සිංහල සහ දෙමළ ජනතාව අතීතයේ සිටම එකට සිටි බවත්, කිසිඳු බේදයක් නොතිබූ බවත්, එහෙත් වර්තමානයේ දී මේ තත්ත්වය වෙනස්වී ඇති බවත් ඔවුහු පවසති.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x