May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අධිකරණයට කලින් නඩු තීන්දු දෙන මැති ඇමතිලා බිහිවෙලා..! – දිලිත් ජයවීර…

1 min read

රට ක්‍රමයෙන් ආගාධයට යෑම තහවුරු කළ දිනය ලෙස මෙවර මැයි දිනය හැඳින්විය හැකි බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ඉතිහාසයේ ප්‍රථම වරට අධිකරණ විනිසුරුවරුන්ට කලින් මෙවර මැයි දිනයේ මැති ඇමතිවරුන් නඩු තීන්දු ප්‍රකාශයට පත්කළ බවද ඔහු පෙන්වා දෙයි.

එහිදී රටේ ඉදිරි ගමන ගැන කිසිදු හරවත් ප්‍රකාශයක් සිදුනොකළ ආණ්ඩුව විපක්ෂය භීතියට පත්කිරීම සඳහා ගෝරනාඩු තබමින් රටේ අධිකරණ පද්ධතියට අභියෝග කරමින් අහවල් දින නඩු තීන්දු ප්‍රකාශයට පත්කරන්නේ යැයි කී බවට දිලිත් ජයවීර චෝදනා කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (05) පාර්ලිමේන්තුව අමතමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x