June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුරේෂ් සලේ සම්බන්ධයෙන් එජාපය විශේෂ නිවේදනයක් නිකුත් කරයි

1 min read

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට පටහැනිව සැලකීම එක්සත් ජාතික පක්ෂය විසින් හෙළාදැක තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සුරේෂ් සලේ මහතාට සලකා තිබෙන ආකාරය පිළිබඳ පරීක්ෂා කරබැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් යැවීම සුදුසු බවය.

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් භයානක තත්ත්වය තම පක්ෂය දකින අතර, සුරේෂ් සලේ මහතාට සලකන ආකාරය සාමාන්‍යයකරණය වුවහොත් විපක්ෂයේ කණ්ඩායම්වලටද ඒ තත්ත්වය අදාළ කළ හැකිවනු ඇති බවත් එය ඉතා භයානක ප්‍රවණතාවයක් වන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එක්සත් ජාතික පක්ෂය දැනුම් දෙන්නේ, මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව ගනු ලබන සෑම ක්‍රියා මාර්ගයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට අනුකූල විය යුතු බවය.

රජය මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය දැඩි සුපරීක්ෂාකාරීව සිටින බවද අදාළ නිවේදනය මඟින් අවධාරණය කර තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x