June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශානිගේ කෙරුවාව… පල්ලියේ අවබෝදය පිණිස…

1 min read

කෙටියෙන්ම ලියන්නම්,

මුලින්ම අපි බලමු වවුනතිව් කේස් එක

⚫ වවුනතිව් පොලිස් නිළධාරින් ඝාථනය වෙන්නේ 2018/11/29 රාත්‍රි

⚫ බුද්ධි නිළධාරින් ලබාදුන් තොරතුරක් අනුව කිළිනොච්චිය පොලිසිය ද්‍රවිඩ තැනැත්තෙක් අත් අඩංගුවට ගන්නේ 2018/12/01

⚫ එම විමර්ශණ ශානි අබේසේකර භාරගන්නේ 2018/12/02

⚫ ඒ අනුව කිළිනොච්චිය පොලිසිය අත් අඩංගුවට ගෙන සිට සැකරුව CID භාරයට ගෙන රැදවුම් නියෝග මත 90 ක් ප්‍රෂ්ණ කර ඇත.

⚫ එම ප්‍රෂ්ණ කිරීම් අනුව කරුණු අනාවරණය වන බවත් වැඩිදුරටත් ප්‍රෂ්ණ කිරීමට අවශ්‍ය බවත් පවසා සැකකරුට තවත් දින 90ක රැදවුම් නියෝගයක් ලබාගැනීමට CIDය 2019 මාර්තු මාසයේ කටයුතුකර ඇත.

⚫ එහෙත් අප්‍රේල් 21 ප්‍රහාරය සිදුවෙන්තුරු කිසිදු තොරතුරක් අනාවරණය කරගැනීමට ශානි ප්‍රමුඛ CIDය අපොහොසත් විය.

⚫ එහි ප්‍රතිඵලයක් ලෙස අප්‍රේල් 21 ප්‍රහාරය සිදුවි ඇත.

⚫ ප්‍රහාරයෙන් පසුව 2019 මැයි 11 එම සැකකරුව මඩකළපුව මහේ­ස්ත්‍රා­ත් අධිකරණයට ඉදිරිපත්කර නඩුවෙන් මුදාහැර ඇත.

⚫ අවසානේ වව්නතිව් ඝාථනය කල සැබෑ සැකකරුවන් සහ ගිණි අවි සොයාගැනීමට හැකිවෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසුව.

⚫ ඒ අනුව පළමු සැකකරු පිළිබදව තොරතුරු ලබාදුන් මඩකළපුව ප්‍රදේශයේ එවකට රාජකාරි කල නිළධාරින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන සංදර්ශනයක් පවත්වා CID වරධ, නොහැකියාව වසා ගැනීමට මාලිමාවේ ශානි අබේසේකර වර්ථමානයේ කටයුතු කරමින් ඇත

🟥 එහෙත් එදා වවුනතිව් කේස් එක ශානිලා හරියට හෙව්වනම් මෙතරම් අපරාධයක් වෙන්නේ නැත. ( 2018/12/02 සිට 2019 අප්‍රේල් 21 දක්වා )

👉 දෙවනුව අපි බලමු මාවනැල්ලේ කේස් එක

⬛ මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා විනාශ කරන්නේ 2018/12/26

ජනප්‍රිය පුවත්  මධ්‍යම අධිවේගී මාර්ගය සහ "ණය නැති" සංවර්ධන මායාව: විනිමය අනුපාතයට සහ ජනතාවට සිදුවන බලපෑම

⬛ ඒ පිළිබදව තස්ලීම් නැමැත්තා ලබාදුන් තොරතුරු අනුව CIDය 2019/01/02ත් 05ත් අතර සැකකරුවන් 13ක් අත් අඩංගුවට ගෙන ඇත.

⬛ එම සැකකරුවන්ගෙ ප්‍රෂ්ණ කිරීමේදි බුද්ධ ප්‍රතිමා විනාශ කලේ සහරාන් හෂීම්ගේ නියෝගයට අනුව බව සැකකරුවන් CID‍ය හමුවේ පාපොච්චාරණය කර ඇත.

⬛ එහෙත් ඔවුන්ට රැදවුම් නියෝග ලබාගැනීමට CID කටයුතුකර තිබුණේ නැත.

⬛ එම සැකකරුවන්ව 2019/01/14 මාවනැල්ලේ මහේ­ස්ත්‍රා­ත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගතකර ඇත.

⬛ තස්ලිම්ගේ තොරතුරු මත 2019/01/16 පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටෝස් වත්ත පරීක්ෂාකර සැකකරුවන් 04ක් අත් අඩංගුවට ගෙන ඇත.

⬛ ඔවුන්ගෙන් සිදුකල ප්‍රෂ්ණකිරීම අනුව පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් සොයාගත් අතර එම ද්‍රව්‍ය සහරාන්ගෙ බව එහි හිම්කරු පාපොච්චාරණය කර ඇත.

⬛ CIDට තොරතුරු දුන් තස්ලිම්ට සහරාන්ගේ පිරිස විසින් 2019/03/09 වෙඩිතබා ඇත.

⬛ එහෙත් පාස්කු ප්‍රහාරය සිදුවෙන තුරු එම සැකකරුවන්ව අත් අඩංගුවට ගැනීමට CID‍ය අපොහොසත් විය.

⬛ එතරම් වැදගත් තොරතුරක් ලබාදුන් තස්ලිම්ව ආරක්ෂා කිරීමට හෝ CIDට නොහැකි විය.

🔴 එම කරුණු අධ්‍යනය කිරීමේදී අනාවරණය වන්නේ CID බරපතල අතපසුවිම් සහ නොහැකියාවන්ගෙන් සමාන්විතව කටයුතුකර කර ඇති බවයි.

👉 තෙවනුව අපි බලමු බුද්ධි තොරතුර ගැන

🔘 SIS DIG නිළන්ත ජයවර්ධන ලබාගත් නිෂ්චිත බුද්ධි තොරතුර ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාට යවන්නේ 2019/04/09

◾ සිසිර මෙන්ඩිස් එම තොරතුර පොලිසතිට එදිනම යොමුකර ඇත

🔘 පොලිස්පති පූජිත් ජයසුන්දරද එම තොර CID DIG රවි සෙනෙවිරත්ත වෙතද එදිනම යොමුකර ඇත

◾ ඒ වනවිට රවී සෙනෙවිරත්ත විදෙස් ගතව සිට ඇත. ඔහු විදෙස් ගතවනවිට වැඩ ආවරණය කිරීමට කිසිවෙකු පත්කර තිබුණේ නැත.

ජනප්‍රිය පුවත්  හඳුන්නෙත්තිගේ මියුසියස් දුව

🔘 රවී නැවත ලංකාවට පැමිණ ලිපිය බලා ඇත්තේ අප්‍රේල් 16 වැනිදාය. ඒ අනුව එම ලිපිය එදිනම සහරාන් පිළිබදවව විමර්ශණ භාරව සිටින ශානි අබේසේකර සහ ASP වික්‍රමසේකර වෙත යොමුකර ඇත.

◾ එහෙත් ශානි අබේසේකර එම ලිපිය දැක ඇත්තේ අප්‍රේල් 23 ( ඒ කියන්නේ එකම බිල්ඩින් එකේ, එමක මහලේ, එක ලග කාමර දෙකේ ඉන්න දෙන්නා අතර හදිසි ලිපියක් හුවමාරු වෙන්ඩ දින 07ක් ගිහින් කියන එක නේද )

🔘 නිලන්ත ජයවර්ධන විසින් අප්‍රේල් 18, 19, 20 ඉදුරාම ලිපි 03ක් සහාන් පිළිබදව CIDය වෙත යොමුකර ඇත.

◾ ඊට අමතරව නිලන්ත විසින් රවීට වට්ස්ඇප් ඔස්සේ පණිවිඩ යවා ඇත.

🔘 එම පණිවිඩවලට රවී “තෑන්ක්ස් මචන්” යනුවෙන් පිළිතුරු යවා ඇත.

❌ ඒ අනුව පැහැදිලි වන්නේ CID ය වවුනතිව් කේස් එක හරියට කරලත් නෑ.

❌ මාවනැල්ල කේස් එක හරියට හොයලත් නෑ.

❌ තස්ලිම් දුන්න කේස් එක බලලත් නෑ.

❌ ලැක්ටෝස් වත්තෙන් ලැබුණ තොරතුරට වටිනාකමක් දීලත් නැහැ

❌ බුද්ධි තොරතුර පිළිබදවත් අවධානය‍ යොමුකර නැහැ.

💯 එම විමර්ශණ භාරව සිටි CID එකේ SIU යුනිට් එකේ OIC CI ජානක මාරසිංහ පාස්කු කොමිසමට මේ සියල්ල හෙළි කරල තමයි ශානිගෙ ගොදුරක් වෙයි කියල බියේ රට පැන්නේ.

💯 ASP වික්‍රමසේකරත් මේවගෙ අගක් මුලක් නොදන්නවා කියල හිතන්ඩ අමාරුයි.

💯 ඉමාම් වාර්ථාව සහ අල්විස් වාර්ථාව අනුව ශානි සහ රවී වැරදිකරුවන් වෙන්ඩ යනකොට ඔවුන් දෙදෙනා දේශපාලන රැකවරණය ගන්ඩ මාලිමාවට රිංගුවා

ජනප්‍රිය පුවත්  පාස්කු ප්‍රහාරය ජ.වි.පෙ. වැඩක්ද ?

💯 අත් අඩංගුවට ගන්ඩ එපා කියා උපරිමාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කලා.

💯 මාලිමාවයි, කතෝලික සභාවයි කිසිදු සොයා බැලීමකින් තොරව ඉමාම් වාර්ථාව සහ අල්විස් වාර්ථාව ප්‍රතික්ෂේප කලා

👇 වත්මන් තත්වය

🚩 ශානි අබේසේකරට CID භාරදීල DIG තනතුරට උසස්වීමකුත් දුන්නා

🚩 විශ්‍රාම ගිහින් හිටපු රවී සෙනෙවිරත්නට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තනතුර දීල සමස්ථ පොලිසියම භාර දුන්නා.

🈴 රට පැනල ඉන්න විවෘත වරෙන්තුකරුවෙක් වෙන අසාද් මවුලානා කිව්ව කතාවකට කිසිදු පදනමක්, පිළිගත හැකි සාක්ෂියක් නොමැතිව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේව DO ගහල හිරකරගත්තා. ( උසාවි ගේන්ඩත් බැරි බැරියාව )

🈴 දැන් කියනවා සලේ මහ මොළකරුලු

🈴 හෙට අනිද්දා තව තව වැඩ කරන දක්ෂ නිළධාරින් කී දෙනෙක් මුන්ගේ ගොදුරු බවට පත්වෙයිද කියල දන්නේ පැලවතේ බලකායම තමයි ඉතින්.

🙏 අවසානේ එකක් කියන්නම්. රට ඉන්න ත්‍රස්තවාදියෙක් කිව්ව ගොතපු කතාවකට කිසිදු සාක්ෂියක් නොමැතිව ගෝඨාභය රාජපක්ෂ නෙවෙයි පුංචි අම්මව ගත්තත් කමක් නෑ. ඒවා අපි බලාගමු උසාවියෙදි සහ ජාත්‍යන්තරය ඉදිරියේ. හැබැයි මේකත් මතක තියාගත්තොත් හොදයි.

🤝 සහරාන් පිළිබදව විමර්ශන කරමින් සිටියේදි ලද තොරතුරුවලට වටිනාකමක් නොදී චේතාන්විතව වගකීම් පැහැර හැරි ශානිටයි, රවීටයි ඊලග ආණ්ඩුවක් යටතේ නීතිය ක්‍රියාත්මක වෙන එක නවත්වන්ඩ සක්‍ර පුත් වයිමටවත් බැරිවෙයි.

සටහන
නාමල් කුමාර
2026/05/27

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x