July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විවාහ අනුපාතය වේගයෙන් පහතට ! දික්කසාදය වේගයෙන් ඉහළට !

1 min read

ශ්‍රී ලංකාවේ විවාහ වීම සහ දරු උපත් සිදුකිරීම් ප්‍රවණතාව මෑත කාලය තුළ ඉතා වේගවත් පසුබැසීමකට ලක්ව තිබේ.

2022 වසරේ දී මෙරට විවාහයන් 171,140 ක් ලියාපදිංචි වී තිබූ අතර, 2024 වසර අවසන්වන විට එම සංඛ්‍යාව 139,290 ක් දක්වා විශාල ලෙස පහත වැටී ඇත. එමෙන්ම, තරුණ තරුණියන් විවාහ වන වයස ද අවුරුදු 28 – 32 සීමාව දක්වා ඉහළ ගොස් ඇත.

දරු උපත් සංඛ්‍යාවද කැපී පෙනෙන ලෙස අඩු වෙමින් තිබේ. 2020 වසරේ උපත් 301,706 ක් පැවැතියද 2024 වසර තුළ එය 220,761 දක්වා පහත බැස තිබේ.

ලෝක බැංකුව හා ජනගහන විද්‍යාඥයින් පෙන්වාදෙන අන්දමට 2016 දී 2.2 ක් ලෙස පැවැති මෙරට සාමාන්‍ය ප්‍රජනන අනුපාතිකය මේ වනවිට 1.3 දක්වා ඉතා දරුණු ලෙස පහත වැටී තිබේ.

මීට සමගාමීව දික්කසාද වීමේ සහ විවාහයන් බිඳවැටීමේ ප්‍රවණතාව මෑත කාලීනව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

මෙරට උසාවි තුළ විභාග වෙමින් පවතින දික්කසාද නඩු සංඛ්‍යාව 50,000 කට ආසන්න වේ. මීට අමතරව භාර්යාවන් හෝ දරුවන් වෙනුවෙන් විවාහ වන නඩත්තු නඩු සංඛ්‍යාව ද 37,000 කට අධිකය. දිනකට අලුත් දික්කසාද නඩු 300 ත් 400 ත් අතර සංඛ්‍යාවක් ගොනු කෙරෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ අධිකරණ වාර්තා පෙන්වා දී ඇත.

ජනප්‍රිය පුවත්  ණය ගෙවීම් අවදානමක – IMF නවතම වාර්තාව කියයි

ආර්ථික පීඩනය මෙම තත්වය තිව්ර කිරීමට හේතු වී තිබෙන බව සමාජ විද්‍යාඥයන්ගේ මතය වේ. එමෙන්ම, විවාහය, පවුල් ජීවිතය වැනි සංකල්ප නිශේධනාත්මකව බැහැර කරන මතවාද ද මීට බලපා ඇතැයි කියැ වේ.

මෙම ප්‍රවණතාව වැඩිපුරම දක්නට ඇත්තේ මෙරට සිංහල ජන සමාජය තුළය.

  • දීඝායු අබේසිරි –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x