June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදුලිය ඉන්ධන මිල වැඩි කලා මදි.. තව වැඩි කල යුතුයි.. – IMF

1 min read

ශ්‍රී ලංකාව තුළ විදුලිය සහ ඉන්ධන මිල නියම කිරීමේදී, ඒවා නිෂ්පාදනය කිරීමට හා සැපයීමට වැය වන සැබෑ පිරිවැය වහාම නිරූපණය වන පරිදි මිල සූත්‍ර සක්‍රිය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සිය නවතම කාර්ය මණ්ඩල වාර්තාව මඟින් අවධාරණය කර සිටියි.

මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ විදුලි ඒකකයක් උත්පාදනය කිරීම සඳහා වැය වන සැබෑ වියදම පාරිභෝගික ගාස්තු මඟින් නැවත අයකර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට ජනවාරි මාසයේ සිට මෙතෙක් ලංකාව සමත්ව නොමැති බවයි.

නිෂ්පාදන පිරිවැය ඉහළ මට්ටමක පැවතිය ද, ඊට සාපේක්ෂව විදුලි මිල ගණන් යළි සමාලෝචනය නොකිරීම මීට හේතුවයි.

පසුගිය මාර්තු 31 වැනිදා අනුමත කරන ලද සියයට 10.9 ක විදුලි ගාස්තු සංශෝධනය මඟින් ද, ඉහළ ගිය ඉන්ධන මිල සහ බලශක්ති සංයුතියේ සිදු වූ වෙනස්කම් සම්පූර්ණයෙන්ම ආවරණය වී නොමැති බව එම වාර්තාවේ සඳහන් වේ.

මේ හේතුවෙන්, පළමු කාර්තුවේදී සිදු වූ මූල්‍ය අලාභය පියවා ගැනීම සඳහා, පවතින ක්‍රමවේදයට අනුව සකස් කළ නව ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරි තෙවැනි කාර්තුවේදී මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වීමට නියමිතය.

ජනප්‍රිය පුවත්  ආනන්ද විජේපාල පොලිස් ඇමති වීම රටට ශාපයක්…! - චාමර සම්පත් දසනායක…

විදුලි අංශයට අමතරව, ඉන්ධන මිලකරණය සම්බන්ධයෙන් ද පවතිනුයේ බරපතළ තත්ත්වයකි. මැදපෙරදිග කලාපීය අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගිය ද, පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙරට ක්‍රියාත්මක වන්නේ සැබෑ පිරිවැය ආවරණය නොවන ගාස්තු ක්‍රමයක් බව මූල්‍ය අරමුදල පවසයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා ඇති අතීත පාඩු පියවීම සඳහා රජය විසින් වන්දි ලබා දීමට පියවර ගන්නා අතර, දැනට ලබා දෙන ඉන්ධන සහන පූර්ව ඇස්තමේන්තුගත මුදලක් මත පමණක් සිදු වන බව තහවුරු කරමින් කැබිනට් තීරණයක් නිකුත් කෙරෙනු ඇතැයිද නිවේදනයේ දැක්වෙයි.

කෙසේ වුවද, දැනට පවතින ඉන්ධන සහන ලබා දීමේ ක්‍රියාවලිය එළඹෙන සැප්තැම්බර් මාසයේදී සම්පූර්ණයෙන්ම අවසන් වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.

බලශක්ති ක්ෂේත්‍රයේ පවතින මිල අස්ථාවරත්වය අවම කිරීම සහ විදුලි සමාගම්වල මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් වඩාත් විනිවිදභාවයකින් යුතු මිල පාලන ක්‍රමවේදයක් අවශ්‍ය බව මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

මේ සඳහා, සැබෑ පිරිවැය ආවරණය වන පරිදි පැහැදිලි විදුලි ගාස්තු නිර්ණායක සකස් කිරීමට සිය තාක්ෂණික කණ්ඩායමේ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ජනප්‍රිය පුවත්  දෙන පලියට ගන්න එපා! මහ බැංකු අධිපති කියයි!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x